ඩුබායි වරායක නවතා තිබූ කුවේටයට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නෞකාව බොරතෙල්වලින් සම්පූර්ණයෙන්ම පිරී තිබීම හේතුවෙන් එහි විශාල ගින්නක් හටගෙන ඇති අතර නෞකාවට ද දැඩි හානි සිදුව තිබේ.
අදාළ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනාම කිසිදු ජීවිත හානියකින් තොරව ආරක්ෂිතව බේරා ගැනීමට හැකි වී ඇති බව කුවේට් බලධාරීහු තහවුරු කරති. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ආතතිය තවදුරටත් වර්ධනය කරමින් එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කුවේටය සිය දැඩි විරෝධය පළ කර ඇත.
මෙම සිදුවීමත් සමඟ කලාපීය මුහුදු මාර්ගවල ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අතර, තෙල් ප්‍රවාහන නෞකාවලට එල්ල වන මෙවැනි ප්‍රහාර ගෝලීය බලශක්ති සැපයුමට තවදුරටත් තර්ජනයක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














