ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය ගැටුම හමුවේ, ඩුබායි රාජ්‍යයේ වෙසෙන වැසියන්ගේ ජංගම දුරකථන වෙත “විභව මිසයිල තර්ජන” (Potential missile threats) පිළිබඳ හදිසි අනතුරු ඇඟවීම් ලැබෙමින් පවතින බව වාර්තා වේ. මෙම පණිවිඩ මගින් වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂිත පියවරක් ලෙස වහාම ජනේල සහ දොරවල්වලින් ඈත්ව සිටින ලෙසයි.
ඉරාන නෞකාවක් ගිල්වා දැමීම සහ ඉරාන උත්තරීතර නායකයාගේ මියයාම වැනි සිදුවීම් මාලාවකින් පසු කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වී ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මෙම ගැටුමේ මැදට හසුව ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ඉරානය විසින් ඊශ්‍රායලයේ ‘ඩිමෝනා’ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කරන බවට කළ අනතුරු ඇඟවීමත් සමඟ සමස්ත මැදපෙරදිග කලාපයේම ආරක්ෂාව දැඩි කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම් හේතුවෙන් ඩුබායි වැසියන් අතර යම් කලබලකාරී ස්වභාවයක් හටගෙන ඇති අතර, එරට ආරක්ෂක අංශ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටී.














