• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට වෙනස් කරන්න අවශනම් බැන බැන ඇද – කුද නොකියා විසදුම් අවශ්‍යයි – රාජ්‍ය ඇමැති දුමින්ද

1 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට වෙනස් කරන්න ඕන නම් එක එක්කෙනාට බනින එක නෙමෙයි, ඇද – කුද කියන එක නෙමෙයි මේකට විසඳුමක් හොයන්න පුලුවන් කණ්ඩායමක් විදිහට අප විසදුම් හොයන පිරිසක් බවට පත් වෙන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, වැඩබලන විදුලි බල අමාත්‍යය, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 61 ක වියදමින් තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිරප්පනය අලුත්පුංචිකුළම – තෝඩාමඩුව මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු සමාරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ පහුගිය කාළයේ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙලක් විදිහට විදුලිය නොමැති සෑම නිවසකටම විදුලිය ලබා දෙන්න අපි කටයුතු කරලා සමෘද්ධි පවුල් වලට අපි නොමිලේම විදුලි සම්බන්ධතාවයත් ලබා දීලා තියෙනවා.හැබැයි දැන් නම් විදුලිය පැය ගණනක් කැපෙනවා.ඒක වෙලාවේ හැටියට වෙන දෙයක්.නමුත් අපි ආණ්ඩුවක් විදිහට අපි ඉතාමත් සතුටු වෙනවා අපි ජනතාවට තියෙන ප්‍රශ්න එකින් එක අවසන් කරන්න අවශ්‍යය කරන නායකත්වය, අවශ්‍යය කරන මුදල්, අවශ්‍යය කරන සහයෝගය ලබා දීලා තියෙනවා.මෙහෙම ගත්තම කරපු වැඩ වගේම, ඉස්සරහට කරන්න වැඩත් විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙම නම් මේ වන විට ආණ්ඩුවක් විදිහට මොන මොන ප්‍රශ්න අද තිබුණත් ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන්, ජනතාව ඉන්න තැනින් තවත් ශක්තිමත් කරන්න, ප්‍රශ්න ටික අඩු කරගන්න ව්‍යාපෘති රාශියක්ම ක්‍රියාත්මක වෙනවා.මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන කොට ඔබතුමන්ලා දන්නවා අද අපි ආර්ථික වශයෙන් විශාල අපහසුතාවකට ලක් වෙලත් ඉන්නවා.අද ප්‍රශ්න ගැන ඇහුවොත් එහෙම කාට හරි කියන්න පුලුවන් ඇමතිතුමෝ ඔය සේරම හරි, තෙල් ටික නෑ කියයි, ලයිට් ටික නෑ කියලා කියයි.හැබැයි ඉතින් මේවට කවුද වගකියන්න ඕන.මේ ආණ්ඩුව පමණක් නෙමෙයි, නිදහසින් පස්සේ හිටිය සියලුම ආණ්ඩු මේවට වගකියන්න ඕන.නිදහසින් පස්සේ මේ රට සංවර්ධනය කරන්න ණය අරගෙන හරි දේට වෙන්න පුලුවන්, වැරදි දේට වෙන්න පුලුවන්, ඒ ගත්ත ණය ගෙවන එක තමයි දැන් අපිට ලොකුම අමාරුව වෙලා තියෙන්නේ.ඒ නිසා තමයි අපි හැමතිස්සේම කියන්නේ ගන්න ණයකින් අපි කරන්න ඕනකම තියෙන්නේ ආර්ථික ප්‍රථිලාභයක් ලබා ගන්න පුලුවන්, ආර්ථික වාසියක් වෙන විදිහේ, ඒ වගේම ජනතාවගේ ජන ජීවිතය උසස් කරන්න පුලුවන් ව්‍යාපෘතියක් කලොත් අර පොළිය ගෙව්වත් ප්‍රශ්නයක් නෑ.හැබැයි සමහර වෙලාවට ගන්න ණයෙන් අපි කරන්නේ නාස්තිකාර වැඩක් නම් අන්න එව්වා රටට බරක්.
හැබැයි මේ මොන දේ කිව්වත්, ඉතිහාසයට අපි බැන්නත් වැඩක් වෙන්නේ නෑ.දැන් අපිට වර්ථමානයේ මේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.ගත්ත ණය පාවිච්චි කරලා ඉවරයි.ගත්ත ණය හරි දේට හරි, වැරදි දේට හරි , මොන ආණ්ඩුවක් හරි පාවිච්චි කරලා ඉවරයි දැන්.දැන් අපි මොකක්ද කරන්න ඕන, දැන් අපි පක්ෂ භේද, ජාති භේද, ආගම් භේද, කුළ-මළ භේද අමතක කරලා දාලා අපි හැමෝම එකා වගේ අත්වැල් බැඳගෙන මේ ඉන්න තැනින් මේ රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක අද අපි කල්පනා කරන්න ඕනකම තියෙනවා.
රෑට රූපවාහිනිය බලන කොට රටේ අඩුපාඩු කියන්න ගොඩක් කට්ටිය ඉන්නවා.ආණ්ඩු කරන පක්ෂ ඇරෙන්න අනික් සියලුම පක්ෂ ටික ආණ්ඩුවේ අඩුපාඩු කියනවා.දැන් උත්තර කියන මනුස්සයෙක් ඉන්නවාද? උත්තරයක් ගැන කථා කරන මනුස්සයෙක් ඉන්නවාද? මේ රට මෙතනින්නුත් පල්ලෙහාට වැටුනොත් කාට හරි ආණ්ඩුවක් අරන් කරන්න පුලුවන්ද?එහෙම නම් දැන් අපි මොකක්ද කරන්න ඕනකම තියෙන්නේ? මේ සියලු වාද-භේද නවත්වලා අපි හැමෝම එකාවගේ අත්වැල් බැඳගෙන සියලු පක්ෂ එකතු වෙලා, සියලු ආගමික නායකයෝ එකට එකතු වෙලා, අඩුපාඩු කියන එක පැත්තකින් තියලා ඉන්න තැනින් රට ඉස්සරහට ගෙනයන විදිහ තමයි අද අපි කල්පනා කරන්න ඕනකම තියෙන්නේ.
අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි හැමෝම ඉන්නේ ප්ලේන් එකක කියලා හිතුවොත් එහෙම, අපි පයිලට්ටත් බනිනවා, එන්ජිමකුත් කැඩිලා කියලා කියනවා, හැබැයි වැටෙන්නේ අපිත් එක්කම නේද? පයිලට් විතරක්, එන්ජිම විතරක් වැටෙනවාද? නෑ අපි හැමෝම එක්කමයි වැටෙන්නේ.එහෙම නම් මේ සියලු වාද-භේද සියලු දේ පැත්තකින් තියලා අපි හැමෝම එකාවගේ එකතු වෙන්න ඕනකම තියෙනවා.ඒ නිසා තමයි මම හැමදාමත් කියන්නේ, ඡන්දේ කාළයට විතරක් දේශපාලනය තියාගන්න, තමන්ගේ පක්ෂය දිනවන්න බලන්න හැබැයි බැරි වුණොත් එහෙම පත්වෙන ආණ්ඩුවේ කකුලෙන් අදින්න එපා.පත් වෙන ආණ්ඩුව ගමට වැඩක් කරන කොට ගමේ සාමූහිකත්වය තියාගන්න, ගමේ සමඟිය තියාගන්න.හැමදාමත් දේශපාලන වශයෙන් අපි ගම බෙදෙනවා, හැබැයි ලොක්කෝ බෙදිලා නෑ, එහෙම නම් මොකටද මේ ගම විතරක් බෙදෙන්නේ.අපි මේ පාර හදන කොට අපි කියනවාද මේ පාරේ යන්න පුලුවන් ශ්‍රී ලංකාකාරයොන්ට විතරයි කියලා. නෑ අපි මේක පොදුවේ හදන පාරක්.රටක සංවර්ධනයක් වෙන කොට පක්ෂ භේද, ජාති භේද, ආගම් භේද, කුළ-මළ භේද කියන සියලු භේද අමතක කරලා දාලා ඔබතුමන්ලා එකතු වෙන්න ඕනකම තියෙනවා.මේ දේශපාලන කුළල් කා ගැනිල්ල නිසා තමයි අද අපි මේ තත්වයට පත් වෙලා තියෙන්නේ.රට මෙච්චර වැටිලත් රට උසස්න එක ගැන නෙමෙයි කල්පනා කරන්නේ, කොහොමද ආණ්ඩුව විවේචනය කරලා ආණ්ඩු බලය කොහොමද ගන්නේ කියන එක තමයි සමහර පක්ෂ කථා බහ කරන්නේ. හැබැයි ඒ අයට දුන්නත් කර ගන්න පුලුවන්ද? ඒ අයට දුන්නා කියලා ඩොලර් ටික හම්බෙනවාද? එහෙම නම් රට වැටුණ තැනින් ඉස්සරහට ගෙනයන්න අපි මීට වඩා එකතු වෙන්න ඕනකම තියෙනවා, මීට වඩා වෙනස් විදිහට හිතන්න ඕනකම තියෙනවා.ඒ නිසා වැඩිහිටයන්ගෙන් වගේම තරුණ පරම්පරාවෙනුත් ඉල්ලීමක් කරනවා අලුතින් හිතන්න පටන් ගන්න ඕනකම තියෙනවා.මේ රට වෙනස් කරන්න ඕන නම් එක එක්කෙනාට බනින එක නෙමෙයි, ඇද – කුද කියන එක නෙමෙයි මේකට විසඳුමක් හොයන්න පුලුවන් කණ්ඩායමක් විදිහට අපි විසදුම් හොයන පිරිසක් බවට පත් වෙන්න ඕනකම තියෙනවා.ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ඒ ශක්තිමත් ගමනේ පංගුකාරයෝ, කොටස්කාරයෝ වෙමුයි කියලා ආරාධනා කරනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍යය එම්.ආර්.බී ඥාණතිකල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තල ආසන සංවිධායක හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 4
Previous Post

ගමට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ මාතලේ නිවාස හයක් ඉදිකරයි

Next Post

ගෘහස්ථ ශ්‍රමිකයන්ට කම්කරු නීති සකස් කරන්නැයි ප්‍රොටෙක්ට් සංගමය කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලයි !

editor

editor

Next Post

ගෘහස්ථ ශ්‍රමිකයන්ට කම්කරු නීති සකස් කරන්නැයි ප්‍රොටෙක්ට් සංගමය කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

11 June 2025
මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

11 June 2025

Recent News

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

11 June 2025
මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

11 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved