ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කරන්නේ වර්තමානයේ රටේ ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න නියෝජනය කිරීමට හෝ ඒ වෙනුවෙන් ප්‍රබල දේශපාලන බලපෑමක් එල්ල කිරීමට සමත් සැබෑ විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවයි
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ වත්මන් පාර්ලිමේන්තු විපක්ෂයට කිසිදු දේශපාලන ප්‍රශ්නයක නියම මූලයන් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට හුදෙක් ක්‍රියාවලීන් කිහිපයක් පමණක් සිදු කරන බවත්ය එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත සැබෑ ජනතා විපක්ෂය ලෙස තමන් ඇතුළු ව්‍යාපාරය ජනතාවගේ හඬ වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය













