වැනෙන පාර්ලිමේන්තුවක් නොව ජනාධිපති ගෝඨාභය මහත්තයාගේ ගමනත් එක්ක පෑහෙන පාර්ලිමේන්තුවක් සැදීම අපගේ වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් පල කල දුමින්ද දිසානායක මහතා “ අපි දැක්කා ගෝඨාභය මහත්තයා ආණ්ඩුව කියන දේ කරන්න බැරි නම් රජයේ නිළධාරීන් අයින් කරලා හරි මට මේ දේවල් කරන්න වෙනවා කියලා අවවාද කළා.එතුමාට ඕනකමක්, අවශ්‍යතාවක් තියෙනවා එතුමාට දුන්න වරමත් එක්ක මේ රට ගොඩ දාන්න.මේ රට දියුණු කරන්න එතුමාට උවමනාවක් තියෙනවා.උවමනාවක් තිබ්බට එතුමාට තනියම මේක තනියම කරන්න බෑ කියලා අපිට පේනවා නේද? අපි එතුමාට ශක්තිමත් ආණ්ඩුවක් හදලා දෙන්න ඕන, ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න මේ මැතිවරණයේ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දුන්නම අන්න එතුමාට පුළුවන්කම ලැබෙනවා නීති වෙනස් කරන්න, නීති අලුතෙන් හදන්න, වැරදි තැන් නිවැරදි කරන්න ජනාධිපතිතුමන්ට ලැබෙනවා. වැනෙන පාර්ලිමේන්තුවක් නෙමෙයි, ගෝඨාභය මහත්තයාගේ ගමනත් එක්ක පෑහෙන පාර්ලිමේන්තුවක් හදන එක තමයි අපේ වගකීම වෙන්නේ යැයි පැවසීය.