• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස් පක්ෂයේ මහගෙදරින් ඈත් වූ සියලු දෙනාට යළි එන්නැයි දුමින්ද කියයි

7 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට නිවැරදි තැනට ගෙන ඒම වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් මහගෙදරින් ඈත් වූ සියලු දෙනාට නැවත මහගෙදරට පැමිණ රටේ අනාගතය භාර ගන්නා ලෙස ආරාධනා කර සිටින බවත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර විවෘත කරලා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පැවති කුඩා ජන හමුවක් අමතමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා,” විපක්ෂයේ පක්ෂ හිතන්නේ තමන්ගේ ජයග්‍රහණය ගැන පමණයි.ඒ අය රටේ ප්‍රශ්න, ජනතාවගේ ප්‍රශ්න ගැන හිතන්නේ නෑ, අද වන විට සියලු පක්ෂ අතරින් ජයග්‍රහණය කරන්න පුලුවන් පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තවත් පොඩි පක්ෂ රාශියක් තියෙනවා.ඒ සේරම අරෙහෙන් තරහා වෙලා, මෙහෙන් තරහා වෙලා හැදිච්ච පක්ෂ, නායකයෙක් නෑ, අනාගත වැඩපිළිවෙලක් නෑ, ප්‍රාදේශීය සභාවට පුංචි කැඩිච්ච පක්ෂයකින්, වෙන වෙන කුඩා කණ්ඩායම් එක්ක හැදිච්ච පක්ෂයක අපේක්ෂකයෙක් ජයග්‍රහණය කෙරෙව්වොත් එයා ප්‍රාදේශීය සභාවට යයි, හැබැයි එතැනින් එහාට එයාට පුලුවන්ද කාගෙන් හරි වැඩක් ගන්න,එයා කාවද දන්නේ, එයා ආණ්ඩුවත් එක්ක සම්බන්ධද, එයාට පක්ෂයක් තියෙනවාද මෙලෝම දෙයක් නෑ,හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඉතිහාසයේ ඉඳන් මේ රටට ජයග්‍රහණ ලබා දෙන්න මුල් වෙච්ච පක්ෂයයි.අපි 1994 ඉඳන් වර්ථමානය දක්වාම ගෝඨාභය මහත්තයාගේ කාළයේ අපට ප්‍රශ්න තිබුණ එක ඇත්ත,අපි ආණ්ඩු කළාට අපි අතිනුත් වැරදි වුණා නම් පිළිගන්න ඔ්න, ගෝඨාභය මහත්තයාගේ කාළයේ පොහොර ප්‍රශ්නයට නොයෙකුත් විදිහට ගෝඨාභය මහත්තයාට කිව්වා මේ වැඩේ හොඳ නෑ මේක කරන්න එපා කියලා.නමුත් ඒක අපේ ආණ්ඩුව තුළ ගත්ත වැරදි ක්‍රියාමාර්ගයක්.හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා ඉඳන් යහපත් දේ වෙනුවෙන් හැමදාමත් හිට ගත්තා.යහපත් දේ වෙනුවෙන් අපි කථා කළා.ඒ වගේම වැරදි දේ ගැන විවේචනයන් කළා.ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්කත් අපි විවේචන කළ යුතු තැන විවේචන කළා, හොඳ කියන්න ඔ්න වෙලාවේ හොඳ කිව්වා. අද තෝරා ගන්න තියෙන පක්ෂ අතුරින් ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරා ගන්න තියෙන හේතුව තමයි අපි මේ රට වෙනුවෙන් හොඳ දේවල් කරලා තියෙන, සිරිමාවෝ මැතිණියගේ ඉඳන් මහින්ද මහත්තයා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දක්වාම ජනතා ජයග්‍රහණ ලබා දුන්න පක්ෂයක්.මහින්ද රාජපක්ෂ මහත්තයාගේත් සමහර වෙලාවට විවේචනය කරන්න ඔ්න දේවල් තියෙනවා.හැබැයි යුද්ධය ජයග්‍රහණය කරන්න මහින්ද මහත්තයාගේ හයිය අපිට ලැබුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තාම අපිට සතුටු වෙන්න පුලුවන්කම තියෙනවා එදා ජයග්‍රහණ ලබා ගත්තා වගේම අනාගතයෙත් ජයග්‍රහණ ලබා දෙන්න පුලුවන් පක්ෂයක් තියෙනවා නම් ඒ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක. මේ මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් වෙනවාද? මේ මැතිවරණයෙන් බඩු මිළ අඩු වෙනවාද? මේ මැතිවරණයෙන් බදු අඩු වෙනවාද? මේ මැතිවණයෙන් ඉන්ධන ලැබෙනවාද? මේ මැතිවරණයෙන් ඩොලර් ටික ලැබෙනවාද? මේ මැතිවරණයෙන් අද රටේ තියෙන කිසිම ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙන්නේ නෑ, හැබැයි මේකෙන් එක විසඳුමක් ලැබෙනවා.තමන්ගේ ගමට තමන්ගේ මන්ත්‍රී කෙනෙක් හදාගන්න පුලුවන්කම තියෙනවා.තමන්ගේ ගමට, තමන්ගේ මන්ත්‍රී කෙනෙක් හදාගත්තම රටේ ආර්ථිකය ශක්තිමත් වුණාම, අපිට එයාගෙන් උදව් ටික ගන්න පුලුවන්කම තියෙනවා.ඒ නිසා තමයි අපි කිව්වේ මැතිවරණය තියන්න කාළය මේක නෙමෙයි.හැබැයි ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් මැතිවරණයක් තියන්න ඔ්න නම් ඒකටත් අපි ලෑස්තියි.හැබැයි මේ මැතිවරණයෙන් රටේ තියෙන ප්‍රශ්න වලට උත්තරයක් ලැබෙන්‌නේ නෑ.දැන් සමහර කට්ටිය කියනවානේ අර ගොල්ලන්ටත් දුන්නා, මේ ගොල්ලන්ටත් දුන්නා.දැන් අපට දීලා බලන්න කියනවා.මේක ට්‍රයි කරලා බලන වෙලාවක්ද? අරගොල්ලොත් වැරැද්දුවා නම්, මේ ගොල්ලොත් වැරැද්දුවා නම් තව කට්ටියකට ට්‍රයි කරන්න දීලා ඒ ගොල්ලොත් වැරැද්දුවොත් මොකක්ද වෙන්නේ? රටේ අර්ථිකය හොඳ තත්වයක තිබුණා නම් ට්‍රයි කරලා බලන්න තිබුණා.රටේ ආර්ථිකය හොඳයි, බඩු මිළ අඩුයි, ජීවත් වෙන්න පුලුවන්කම තියෙනවා, රස්සා තියෙනවා මේ හැමදේම තියෙනවා නම් අන්න අපිට ට්‍රයි කරලා බලන්න පුලුවන්, ඒ අයටත් වැරදුනොත් අපිට ආයේ පාරක් හදාගන්න කාළය තියෙනවා.හැබැයි දැන් අපි ඉන්නේ ලිඳේ පතුලේ, සමහර වෙලාවට පඩි ගෙවාගන්නත් බෑ කියනවා.රෝහලේ බෙහෙත් පෙත්ත නෑ කියනවා.වෙන නායකයෙක් ගෙනාවාට බෙහෙත් පෙත්ත ගේන්න පුලුවන්ද? ආණ්ඩුවක් පෙරලුවාට, වෙන ජනාධිපතිවරයෙක් හැදුවාට බෙහෙත් පෙත්ත ගේන්න පුලුවන්ද? තෙල් ටික ගේන්න පුලුවන්ද? දැන් අපි කරන්න ඔ්න, හැමෝමට එකට එකතු වෙලා වැටිච්ච රට නැගිට්ටවන්න එකා වගේ වැඩ කරන්න ඔ්න.අපේ කැපවීම පරිත්‍යාගය එක වගේ ලබා දෙන්න ඔ්න, එහෙම වුණොත් තමා මේ රට ඉස්සරහට බේරෙන්නේ. රටේ තියෙන්නේ තෙල් ප්‍රශ්නයක්, රටේ තියෙන්නේ ඩොලර් ප්‍රශ්යක්, රටේ තියෙන්නේ පඩි ගෙවන්න බැරි ආර්ථිකයක්, රටේ තියෙන්නේ රස්සා දෙන්න බැරි තත්වයක්, රටේ තියෙන්නේ බෙහෙත් ටික ගේන්න සල්ලි නැති තත්වයක්, විපක්ෂයේ සිටින පක්ෂ රටේ එකම ප්‍රශ්නයකටවත් උත්තරයක් ගැන සාකච්ජාවක් නෑ.තරහට කතිරය ගහනවා වෙනුවට අපි හිතලා කතිරය ගහන්න ඔ්න.වචනත් එක්ක නෙමෙයි වැඩපිළිවෙලක්, හැකියාවක් තියෙන කණ්ඩායමක් එක්ක මේක කරන්න ඔ්නකම තියෙනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ අපි ඒක කරලා තියෙනවා.වර්ථමානයේ අපි ඒ ගැන කථා කරනවා.අනාගතයේ අපිට ඒක කරන්න හැකියාව තියෙනවා.ඒ නිසා තමයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා එකතු වෙන්න කියන කාරණය. අපි මේ මොනදේ කිව්වත් මැතිවරණයෙන් අපිට පැනලා යන්න බෑ, ප්‍රජාත්‍රනත්වාදය වෙන්න පුලුවන්, උසාවි නියෝගය වෙන්න පුලුවන්, මැතිවරණය හෙට ආවත් අපි ලෑස්තියි.ජනතාව කතිරය ගහන්න ඔ්න අනාගතය ගැන හිතලා.මොකද මේ ප්‍රශ්න විසඳන්න කවුරු ආවත්, කවුරු විවේචනය කළත් මේ ප්‍රශ්න ටික විසඳන්න අපි හැමෝම එකතු වුණේ නැත්නම් මේ ප්‍රශ්න ටික විසඳන්න බෑ, වෙන කවුරු මේකේ හිටියත් එයා මැජික් කාරයෙක් නෙමෙයිනේ, මේ තියෙන ප්‍රශ්නත් එක්ක තමයි යන්න වෙන්නේ, අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්න ටික විසඳන්න කරන්න ඔ්න හොඳම දේ ආණ්ඩුව කරන්නනේ කියලා.මොන ප්‍රශ්න තිබුණත්, මොන අඩුපාඩු තිබුණත් ඒදේ වෙනුවෙන් හරිදේ කරනවා කියලා අපි විශ්වාස කරනවා. පහුගිය කාළයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහ ගෙදරින් තරහා වෙලා පිරිසක් වෙනත් වෙනත් තැන් වල හිටියා.හැබැයි දැන් ඒ තැන් වල ඉන්න පුලුවන්කමක් නෑ, ඒ අයට අපි නැවත මතක් කරනවා තාමත් මහ ගෙදර සූදානම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර විවෘත කරලා තියෙනවා.මහ ගෙදරින් බැහැලා ගියපු අයට, මහගෙදරින් එළියට ගිහින් අහක බලන් හිටිය කට්ටියට, මහ ගෙදරින් පොඩ්ඩක් ඈත් වෙලා හිටිය සියලු දෙනාටම නැවත වතාවක් මහ ගෙදරට එන්න දොර ඇරලා තියෙනවා.තාමත් අපේ මහගෙදරින් ඈත් වෙච්ච පිරිසක් ඉන්නවා නම්, තාමත් මේ මහ ගෙදරට ගොඩ නොවුණ අය ඉන්නවා නම් සියලු දෙනාටම අපි ආරාධනා කරනවා එන්න තමන්ගේ තැනට ඇවිල්ලා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතීතයේ අපි කරපු කැපකිරීම් එක්ක, අතීතයේ මේ රත වෙනුවෙන් අපි ලබා දුන්න දේ එක්ක, නැවත වතාවක් මේ මහ ගෙදර ශක්තිමත් කිරීමත් එක්ක රට නිවැරදි තැනකට ගේන්න පුලුවන්කම තියෙනවා.ඒ නිසා එහි කොටස්කාරයෙක් වෙන්න කියලා රටේම ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා මහගෙදරින් ඈත් වෙච්ච සියලු දෙනාට අපි ආරාධනා කරනවා නැවතත් මහගෙදරට ඇවිල්ලා රටේ අනාගතය භාර ගන්න කියලා යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බටහිර ආසන සංවිධායක නලීන් දිසානායක මහතා ඇතුළු පළාත් පාලන අපේක්ෂක මහත්වරුන් හා පාක්ෂිකයින් පිරිසක් සහභාගී වූූහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 1
Previous Post

පළාත් පාලන ආයතන කටයුතු කළ හැක්කේ නීතියට අනුවයි – අගමැති

Next Post

උද්ඝෝෂණ කරලා වැඩ කඩාකප්පල් කලොත් ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව ජනපති කියයි

editor

editor

Next Post

උද්ඝෝෂණ කරලා වැඩ කඩාකප්පල් කලොත් ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධ කළේ සාමය වෙනුවෙන් – මහින්ද රාජපක්ෂ 

20 May 2025
ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

20 May 2025
පාතාලය සමග සබඳතා පවත්වන දේශපාලන ලොක්කෝ ගැන බුද්ධි තොරතුරක් !

පාතාලය සමග සබඳතා පවත්වන දේශපාලන ලොක්කෝ ගැන බුද්ධි තොරතුරක් !

20 May 2025
දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

20 May 2025

Recent News

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධ කළේ සාමය වෙනුවෙන් – මහින්ද රාජපක්ෂ 

20 May 2025
ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

20 May 2025
පාතාලය සමග සබඳතා පවත්වන දේශපාලන ලොක්කෝ ගැන බුද්ධි තොරතුරක් !

පාතාලය සමග සබඳතා පවත්වන දේශපාලන ලොක්කෝ ගැන බුද්ධි තොරතුරක් !

20 May 2025
දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

20 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධ කළේ සාමය වෙනුවෙන් – මහින්ද රාජපක්ෂ 

20 May 2025
ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved