• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වැඩ කරනකොට මිඩියාවලින් අපිට ගහනවා

1 July 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ආර්ථිකය නගා සිටුවීමට වැඩකටයුතු සිදු කරද්දි ඇතැම් මාධ්‍යතුළින් අපට දෝෂාරෝපණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර, පන්විල, කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී අද (01) දින වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

රට සීඝ්‍ර සංවර්ධනයකට යොමු කිරීම සිය අරමුණ වී තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා මේ වසරේ සහ ලබන වසරේදී වියදම් කිරීමට රුපියල් බිලියන 160 – 200 ක් අතර මුදලක් වෙන්කරන බව පැවසිය.

කඩා වැටුණු ආර්ථිකය 2015 දී භාරගෙන විවිධ කැපවීම් කරමින් එය ක්‍රමානුකුලනව ගොඩනැඟිම සිදු කරන බවත්, මේ ආකාරයටම තවත් වසර 3 ක් 4 ක් රට ඉදිරියට ගෙන යමින් ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බවත්, අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍යවරයා සිදු කළ සම්පුර්ණ කතාව පහත පරිදි වේ.

දිගම්බරම් ඇමැතිතුමා යටතේ වතුකරයේ ජනතාවට අපි ලබාදෙන්නේ නිවසක් පමණක් නොවෙයි. අපි ඔබට අංග සම්පූර්ණ ගම්මානයක්ම ලබා දෙනවා. ඔබේ ආදායම් මාර්ග ඇති කරගනිමින් දියුණු වෙමින් ඔබේ ප්‍රජාවට එහි ජීවත් විය හැකියි. ගම්මාන වල ජීවත්වන ජනතාවට අතීතයේ තමන්ට උරුමව තිබූ ඉඩකඩම්වලින් කොටසක් නැවත වගා කිරීම සඳහාත් ලබා දෙනවා. ඒ සඳහා අප ජනතාවට උදව් උපකාර කරනවා.

දයා ගමගේ අමාත්‍යතුමා විසින් කුරුඳු වගාව කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි කොකෝවා වගාව පිළිබඳවත් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ අනුව මාතලේ, නුවර පමණක් නොවෙයි දොඩම්ගස්ලන්ද ප්‍රදේශය අවටත් කොකෝවා වගා කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ශ්‍රී ලංකාවේ කොකෝවා මිලදී ගන්නා ආයතන සියල්ලම මෙම අස්වනු මිලදී ගැනීමට සූදානම් බව පැවසුවා. ඔවුන්ට අද කොකෝවා ආනයනය කිරීමට සිදුව තිබෙනවා. එම නිසා තමන්ගේම ඉඩම්වල කොකෝවා, කුරුඳු, කෝපි ආදිය වගා කිරීමේ වැඩසටහන් අපි ආරම්භ කරනවා. ඒ අනුව අප ජනතාව ශක්තිමත් කරමින් ජනතාව ජීවත් කරවනවා. මේ ආකාරයට ගම්මාන ඇති කිරීම බදුල්ල, නුවරඑළිය ප්‍රදේශවලත් සිදු කරනවා. ඒ හරහා නව ආර්ථික ක්‍රමයක් ඇති කිරීම අපේ අරමුණයි.

නමුත් අප මෙවැනි වැඩකටයුතු සිදු කරද්දි ඇතැම් මාධ්‍ය අපට දෝෂාරෝපණය කරනවා. අදත් මව්බිම පුවත්පතේ මාව විවේචනය කර තිබෙන බව මම දුටුවා. හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට මම පළි නැහැ. මට දෝෂාරෝපණය කිරීමේ ඵලක් නැහැ. දෝෂාරෝපණය කළ යුත්තේ මෙවැනි සංවර්ධනයක් ඔබට ලබා නොදුන් හිට්ලර්ට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාටයි.
ජනතාවට ඉඩම් ලබාදීම අපේ රජයේ ප්‍රතිපත්තියක්. ඩී.එස්. සේනානායක මැතිතුමා යටතේ එය ආරම්භ වුණා. එම කටයුත්ත ඩඩ්ලි සේනානායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්වරුන් ඉදිරියට ගෙන ගියා. ඒවගේම ඊටත් වඩා සීඝ්‍රයෙන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එම වැඩකටයුත්ත ඉදිරියට ගෙන ගියා. එතුමා මහවැලි කලාපයේ ඉඩම් ජනතාවට ලබා දුන්නා. ඒ වගේම ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනතාවට නිවාස ලබා දීම ආරම්භ කළා. ඉඩම් පමණක් නොව නිවාස නැති ජනතාවට නිවාස ලබාදීමත් අපේ නායකයින් ආරම්භ කළා. වතුකරයේ ජනතාවට ඡන්ද අයිතියත් ලබාදුන්නා.

නමුත් අප භාරගත්තේ පොලියත් , ණය වාරිකයත් ගෙවා ගැනීමට නොහැකිව තිබූ රටක්. රට පාලනය කිරීමට මුදල් නොමැතිව සිඟමන් යැදීමේ තත්ත්වයකට එම පාලකයින් පත්වූ නිසා ඔවුන් මැතිවරණයක් පැවැත්වුවා. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්‍ෂකයා ලෙස තෝරා ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළා. එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවක් නිර්මාණය කරමින් පාලනය ලබා ගත්තා. එම අසීරු අවස්ථාවේත් අප පෙට්‍රල් මිල අඩු කරමින් ජනතාවට විශාල ලෙස සහන ලබා දුන්නා. අප කෙසේ හෝ එම අසීරු අවස්ථාවන්ට මුහුණ දුන්නා.

ඒ වගේම ජල ගැලීම සහ නියඟයක් රටේ ඇති වුණා. එවිට මිනිස්සුන්ට ආදායම් මාර්ග ඇති වන්නේ නැහැ. වියළි කලාපයේ ජනතාව ණය බරින් මිරිකෙමින් සිටියා. රටේ ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි එවිට ජනතාව කල්පනා කළා. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අප අපහසුවෙන් හේ රට ඉදිරියට ගෙන ගියා. පොල් මිල රු. 100 දක්වා වැඩි වුණා. අප ඒ අවස්ථාවේ පළාත් පාලන ආයතන මැතිවරණයත් පරාජයට පත් වුණා. නමුත් අප අනුගමනය කළ පියවරයන් සාර්ථක නිසා රටේ ආර්ථික තත්ත්වය නැවතත් පාලනය වී තිබෙනවා. ඇතැම් අවස්ථාවල ජීවන වියදම ඉහළ යනවා. නමුත් ඉදිරි වසර 02 ක කාලය තුළ මීටත් වඩා හොදින් ජීවන වියදම පාලනය කරමින් ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා.

අපට රටක් ලෙස තව බොහෝ දුර යා යුතුයි. නමුත් අප සියලූ දේවල් සිදු කළේ යම් සැලැස්මකට අනුවයි. අපි රටේ ජනතාවට බොරු කිව්වේ නැහැ. ජනතාවගෙන් බැනුම් ඇසුවා. විවේචන එල්ල වුණා. නමුත් දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. “ගම් පෙරළිය”, “එන්ටර්ප්‍රයිස් ලංකා”, “ස්වශක්ති”, විමධ්‍යගත අයවැය ආදිය හරහා රුපියල් බිලියන 160 – 200 ක් පමණ මුදලක් මේ වසරේත් එන වසරේත් රටේ සංවර්ධනය වෙනුවෙන් අප වියදම් කරනවා.
මාර්ග සංවර්ධනය, වැව් ප්‍රතිසංස්කරණය මේ සියලූ වැඩකටයුතු අප දැන් ආරම්භ කරනවා. කුඩා ව්‍යාපාර ආරම්භ කරනවා. “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ තම තමන්ගේ ව්‍යාපාර සඳහා අපි තවත් මුදල් ලබා දෙනවා. මේ වැඩකටයුතු ආරම්භ කිරීම ඉතා අපහසුයි. පළමු වසර 3 අප බඩගාගෙන හෝ බැණුම් අසමින් හෝ ඉදිරියට පැමිණියේ ඒ නිසයි. දැන් අපට එහි ප්‍රතිඵල ලබා දිය හැකියි. තවත් වසර 3 ක් 4 ක් මේ ආකාරයට රට ඉදිරියට යනවා නම් කිසිම ගැටළුවකින් තොරව අපට ජනතාවට මීටත් වඩා සහන ලබා දිය හැකියි.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය හරහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. පාසැල් වලට පුටු මේස ලබාදීමටත් අප කටයුතු කරනවා. ඉදිරි වසර 05 තුළ එම හිඟයත් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් බිලියන 100 ක පමණ මුදලක් වැය වෙනවා.

සෞඛ්‍ය අංශයට අවධානය යොමු කිරීමේදී බෙහෙත් මිල විශාල ලෙස අඩුවී තිබෙනවා. ඒ වගේම අපි නව රෝහල් ඉදිකරනවා. රටේ තවත් ගැටළු ඇති බව අප දන්නවා. ප්‍රවාහන ගැටළු ආදිය පිළිබඳව අප හොදින් දැනුවත්. නමුත් සිංහලයා බේරා ගැනීමට, සිංහලයා අනතුරේ යැයි ආදී බොරු සටන් පාඨ නොකියා අප වැඩකටයුතු කළ යුතුයි.

ඒ අතරම කොළඹ සම්පූර්ණයෙන් දියුණු කිරීම සඳහා අප අලූත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ලෝකයේ විශාලතම පිහිණුම් තටාකය බාර ගැනීමට අපට සිදු වුණා. නමුත් ඉදිරියේදී එයට නැව් පැමිණෙනවා. තවත් වසර කිහිපයකින් එය විශාල වරායක් බවට පත් වෙනවා. ඒ වගේම මොණරුන් පමණක් සිටින ගුවන් තොටුපළක් අප භාර ගත්තා. එම ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පෙරවරුවේත් පස්වරුවේත් පැමිණියේ මොණරුන් පමණයි. ඉන් ඇතුල් වුණෙත් පිට වුණෙත් මොණරුන් පමණයි. එම නිසා අප එය වී ගබඩාවක් කළා. නමුත් මේ වසර අවසානයේදී එයටත් ගුවන්යානා පැමිණීමට නියමිතයි. තවත් එවැනි පව් විශාල ගණනාවක් ගෙවීමට අපට සිදු වෙනවා.

මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය ඉදිකිරීමට එදා සිටි පාලකයින් කටයුතු කර තිබෙන්නේ පරංගියා කෝට්ටේ ගිය ආකාරයකටයි. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය සැලසුම් කර තිබෙන්නේ බෙලිඅත්ත හරහායි. ඒ ඉදිකිරීම් සඳහා වැය වන සියලූ මුදල් අපට ගෙවීමට සිදුව තිබෙනවා. එම මාර්ගය අතරමැද කැලෑවක් ද තිබෙනවා. නමුත් මාධ්‍ය මේවා විකාශය කරන්නේ නැහැ. අප හොරු බව නම් මාධ්‍ය සැමවිටම විකාශය කරනවා.

මේ සියලූ ගැටළුවලට විසඳුම් සොයා ගනිමින් අප ඉදිරියට ගමන් කරනවා. කොළඹවිශාල මහනගරයක් බවට පත් වෙනවා. කොළඹසිට හම්බන්තොට දක්වා නාගරික තීරුවක් ඇති කර තිබෙනවා. කොළඹ සිට නුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඇති කරනවා. එම අධිවේගී මාර්ගය ඔබට ලබා දුන්නේ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමා බව මම ඔබට පවසනවා. නුවර සංවර්ධනය භාර ගන්නා ලෙස අප එතුමාට පැවසුවා. තවත් වසර 02 ක් තුළ නුවර සංවර්ධනය වෙනස් වෙනවා. ඉදිරියේදී නුවර නගරයෙන් පිටත සහ නගරය තුළ පර්චසයක මිල රුපියල් ලක්‍ෂ 100 ට පමණ ආසන්න වෙයි. නමුත් හිට්ලර් ගේ වැඩිමහල් සහෝදරයා ඉල්ලූවොත් ඔබ ඒ ඉඩම් විකුණන්නේ කීයටද?

දැන් වැව රවුමේ ඉඩමක මිල රුපියල් ලක්‍ෂ 50 ක් පමණ වෙනවා. නමුත් අධිවේගී මාර්ගය ඉදි වූ පසු එය තවත් වැඩි වෙනවා. එවිට මේ ප්‍රදේශයේ ඉඩකඩම් වල මිලත් වැඩි වෙනවා. අද ඔබට ලබා දෙන පර්චස් 07 ක භඣමියෙත් මිල ඉදිරියේදී වැඩි වෙනවා.

නව නිවාස සංචාරකයින් සඳහා කුලී පදනම මත ලබා දීම දැන් විශාල වශයෙන් සිදු කරනවා. ඒවා දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් අප ඉදිරියේදී සිදු කරනවා. නමුත් තවත් අපට රැකියා ප්‍රශ්නය 100% කින් විසඳීමට නොහැකි වුණා. අප එයත් ඉටු කරනවා. අප මේ රටේ ජනතාවට බලාපොරොත්තු දිය යුතුයි. ඉඩම් අයිතිය , රැකියා අයිතිය ලබා දිය යුතුයි. බෝගම්බර ඉදිරියේදී විශාල සංචාරක නගරයක් බවට පත් වෙනවා. ගාල්ල, මහනුවර සංචාරක කලාප බවට පත් වෙනවා. මේ වැඩකටයුතු අප ඉදිරියට ගෙන ගියත් මහනුවර නයිට් රේස් පැවැත්වීමට නම් මම ඉඩ තියන්නේ නැහැ.

මේ දියුණුව අප ඉදිරියට ගෙන යා යුතුයි. මෙම වැඩකටයුතු පිළිබඳව රටේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය පළ කරන්නේ නැහැ. දෙරණ, හිරු ආදියේ මේවා ගැන පුවත් විකාශය වන්නේ නැහැ. සිරස ගැන කතා කිරීමෙන්ම පළක් නැහැ. ලංකාදීප, දිවයින ආදී පුවත්පත්වල මේ ව්‍යාපෘති පිළිබඳව පළ වෙනවාද? මම අද සිදු කරන මේ කථාව ලංකාදීප පුවත්පතේ පළ වන්නේ පාපන්දු ලෝක කුසලානය පිළිබඳව පුවත් පළ කරන පිටුවේ කොනක සඟවා බවට මට ඔට්ටුවක් ඇල්ලීමට හැකියි. දිවයිනේ නම් මේ කථාව පළ කරන්නේ මොන පිටුවේදැයි මට සිතා ගැනීමටත් නොහැකියි. අද අප සිදු කරන මෙම වැඩසටහන රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති වල විකාශය වේදැයි අප දන්නේ නැහැ.

නමුත් අප මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. මෙම වැඩසටහනට විශාල උනන්දුවක් දක්වමින් කටයුතු කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාට මම ස්තූතිවන්ත වනවා. ඒ වගේම වතුකරය නියෝජනය කරන දිගම්බරම් ඇමැතිතුමාටත්, අනෙක් මහජන නියෝජිතයින්ටත් මම ස්තූතිවන්ත වෙනවා. අප ලබා ගත් නිදහස, එකමුතුව සහ සංවර්ධනය ආරක්‍ෂා කර ගනිමු යැයි මම අවසන් වශයෙන් ප්‍රකාශ කරනවා.

මේ අවස්ථාවට රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලූවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂිණි කවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.

 

Post Views: 1
Previous Post

ලංකාවට බැරි වුණ දේ ඇමෙරිකාව කරලා

Next Post

“බිගු ජනපද” පිහිටුවීමේ වැඩ පිළිවෙළක්

editor

editor

Next Post

“බිගු ජනපද” පිහිටුවීමේ වැඩ පිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved