E B Creasy & Co. PLC හි පාරිභෝගික නිෂ්පාදන අංශය වන ඩාර්ලි බට්ලර් (Darley Butler) සමාගම, පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් “අපි වෙනස් විය යුතුමයි” (We Must Change) යන තේමාව යටතේ ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමේ සුවිශේෂී වැඩසටහනක් පසුගියදා ආරම්භ කළේය. මෙහි ප්‍රධාන පියවරක් ලෙස, පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රිය Teepol, Bio Clean, Softny සහ Bubble All Out යන නිෂ්පාදන සඳහා නැවත පිරවිය හැකි ඇසුරුම් (refill pouches) හඳුන්වා දීමට සමාගම කටයුතු කර ඇත.
මෙම නව හඳුන්වාදීම හරහා පාරිභෝගිකයන්ට මුල් ප්ලාස්ටික් බහාලුම දිගටම භාවිත කරමින් මෙම ‘රිෆිල්’ ඇසුරුම් මගින් එය නැවත පිරවීමට අවස්ථාව සැලසෙන අතර, එමගින් සමස්ත ප්ලාස්ටික් පරිභෝජනය 70%කින් පමණ අඩු කරගත හැකි බව සමාගම අපේක්ෂා කරයි. ප්ලාස්ටික් භාවිතය නිසා සිදුවන පරිසර හානිය පිළිබඳ වර්තමාන පාරිභෝගිකයා සතු අවබෝධය සැලකිල්ලට ගනිමින්, විශ්වාසදායී සන්නාම භාවිත කරන අතරතුරම පරිසර හිතකාමී වීමට මෙමගින් මග පෑදෙන බව E B Creasy සමාගමේ අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහතා සඳහන් කළේය.














