ඊචලම්පත්තු පොලිස් වසමේ සඟවා තිබූ ජීව උණ්ඩ සහ මෝටාර් උණ්ඩ තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් සමත්ව තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ වාකරේ කඳවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු රහසිගත තොරතුරකට අනුවයි මෙම විශේෂ වැටලීම සිදු කර ඇත්තේ. ඒ අනුව ඊචලම්පත්තු පොලිස් වසමේ පුමරන්අඩිචේන ඇළ ප්‍රදේශයේ සිදු කළ දැඩි සෝදිසි කිරීමකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී තිබෙනවා. එහිදී හමු වූ T-56 ජීව උණ්ඩ 75 ක්, මිලිමීටර් 60 ප්‍රමාණයේ මෝටාර් උණ්ඩ 4 ක් සහ මෝටාර් උණ්ඩ සඳහා යොදාගන්නා පියුස් (Fuse) 7 ක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඊචලම්පත්තු පොලිස් ස්ථානය වෙත භාර දීමටයි විශේෂ කාර්ය බලකාය පියවර ගත්තේ.














