පාස්කු ඉරු දින ප්‍රහාරය යනු හුදෙකලා සිදුවීමක් නොව, 2017 වසරේ සිට ක්‍රමානුකූලව සැලසුම් කරන ලද දීර්ඝකාලීන කුමන්ත්‍රණයක අවසාන ප්‍රතිඵලය බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම කුමන්ත්‍රණය පිළිබඳ විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති අතර, ඊට අදාළ සම්පූර්ණ තොරතුරු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ප්‍රහාරයට පෙර සිදුවූ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත්ව සිට ඇති අතර, එම තොරතුරු හෙළිදරව් වීම සහ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම හිතාමතාම වළක්වා තිබේ. මෙම කුමන්ත්‍රණයට ආධාර සහ අනුබල දීමේ චෝදනා මත සුරේෂ් සලේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත්, විමර්ශන මේ වන විට නිවැරදි දිශානතියකට අවතීර්ණ වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.













