ක්‍රිප්ටෝ අධ්‍යාපනික වේදිකාවක් වන EasyA හි සම-නිර්මාතෘ ඩොම් ක්වොක් (Dom Kwok) පවසන්නේ, වර්තමානයේ පවතින ක්‍රිප්ටෝ ආයෝජන අවස්ථාවන් මඟහැර ගැනීම මුළු ජීවිත කාලයම සාම්ප්‍රදායික රැකියාවල සිරවී සිටීමට හේතු වනු ඇති බවයි. ඔහු සිය X ගිණුමෙහි “lock in now or clock in forever” (දැන්ම ආයෝජනය කරන්න, නැතිනම් සදහටම රැකියාවට වාර්තා කරන්න) යනුවෙන් සඳහන් කරමින් ආයෝජකයන්ට විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.
මෙම ප්‍රකාශය විශේෂයෙන්ම XRP ප්‍රජාව අතර දැඩි උනන්දුවක් ඇති කර ඇති අතර, සාම්ප්‍රදායික වැටුප් ලබන රැකියාවලින් මිදී මූල්‍ය නිදහස ලබා ගැනීමට ක්‍රිප්ටෝ නවෝත්පාදනයන් හොඳම මග බව ඔහු පෙන්වා දෙයි. ඔහුගේ මෙම පණිවිඩය නිකුත් වන අවස්ථාවේදී XRP මිල ඩොලර් 1.33ක් ලෙස පැවති අතර, පසුව එය ඩොලර් 1.39 දක්වා සියයට 4.39ක සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළේය.
ඩොම් ක්වොක් මින් පෙර ද ප්‍රකාශ කර තිබුණේ 2030 වන විට XRP මිල ඩොලර් 1,000 දක්වා ඉහළ යා හැකි බවයි. කෙසේ වෙතත්, වෙළඳපොළ විශාලත්වය අනුව එම ඉලක්කයන් අසීරු බවට ඇතැම් විචාරකයන් මත පළ කළද, දීර්ඝකාලීන ආයෝජනයක් ලෙස ක්‍රිප්ටෝ සතු විභවය කෙරෙහි බොහෝ දෙනා විශ්වාසය පළ කරති. විශේෂයෙන්ම අමෙරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයක් ඇති කර ගැනීම ද ක්‍රිප්ටෝ වෙළඳපොළේ මෑතකාලීන ප්‍රබෝධයට හේතු වී තිබේ.















