• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කරවිය හැකි එකම මාර්ගය අධ්‍යාපනයයි -ජනාධිපති ලේකම් සමන්

17 January 2024
in දේශීය, පුවත්
දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කරවිය හැකි එකම මාර්ගය අධ්‍යාපනයයි -ජනාධිපති ලේකම් සමන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දරුවන්ගේ ජීවිත ජයග්‍රහණය කිරීමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ නවගත්තේගම කෝන්කඩවල විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාලයක් ලබාදීම වෙනුවෙන් පසුගිය (15)දා පැවති උත්සවයට එක්වෙමිනි.

චීන මූල්‍යාධාර යටතේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මඟපෙන්වීම අනුව ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් නවගත්තේගම කෝන්කඩවල විද්‍යාලයට හා මීගමුව දූව කනිෂ්ඨ විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාල දෙකක් ලබාදීමට කටයුතු කෙරිණි.

එක් පුස්තකාලයක් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන දෙකක් වන අතර 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත්පත් රාශියක් මෙම පුස්තකාලවලට ඇතුළත්ය.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන ග්‍රාමීය සිසු දරුවන්ට අත්වැලක් වෙමින් දැනුමෙන් පෝෂිත අනාගත පරපුරක් බිහි කිරීම මඟින් රටේ ඉදිරි අනාගතය සාර්ථකත්වය කරා ගෙන යාම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා “ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපතිවරයා රුපියල් මිලියන හතරක ව්‍යාපෘතියක් සඳහා ආධාර කිරීමට හැකියාව තිබෙන බව මා සමඟ පැවසුවා. එහිදී පාසල් දෙකක් තෝරා ගෙන ඊට පුස්තකාල දෙකක් ලබාදීමට මා කල්පනා කළා. මෙම පාසල්වලට පුස්තකාල ලබාදීමට කල්පනා කළේ විශේෂ හේතුවක් ඇතිවයි. ඉදිරි අවුරුදු දහය තුළ මෙම පාසල්වලට පැමිණෙන දුවා දරුවන්ට මෙම පුස්තකාල හොඳින් භාවිතා කළ හැකියි. මමත් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මෙවැනි කුඩා පාසලකයි. ඒ නිසා මේ දරුවන්ගේ අනාගතය දැන්ම කියන්න නොහැකිවුවත් ඔවුන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබාදීම අප කළ යුතුයි. මට දැනගන්න ලැබුණු පරිදි අද මෙහි සිටින චීන නියෝජ්‍ය තානාපතිතුමාගේ පියා ගොවියෙක්. චීන නියෝජ්‍ය තානාපතිවරයා 8 ශ්‍රේණියේ ඉගෙණුම ලබන විට ගොයම් සිටුවීමට පැමිණෙන ලෙස පියා ඔහුට කියා තිබෙනවා . පැයක් පමණ ගොයම් සිටුවීමේදී එතුමාගේ කොන්දේ විශාල වේදනාවක් ඇතිව තිබෙනවා. කොන්ද වේදනාව පියාට පැවසූ විට ” ඔබ හොඳට ඉගෙන ගත්තේ නැතිනම් කරන්න වෙන්නේ මේ රැකියාව “බව පියා පවසා තිබෙනවා. ඒ පාඩම හිතට ගත් එතුමා අද නියෝජ්‍ය තානාපතිවරයෙක් දක්වා සාර්ථකව ඉදිරියට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් රට රටවල් වල සේවය කරන මට්ටමට පැමිණ තිබෙනවා. ඒනිසා මේ දරුවන් හිතට ගන්න ඕන ජීවිතය ජයග්‍රහණය කිරීමට තිබෙන එකම මාර්ගය අධ්‍යාපනය බව. අධ්‍යාපනයෙන් තොරව දරුවන්ට හෝ රටකට අනාගතයක් නොමැති බව පිළිගත යුතුයි “ යැයි ලේකම් සමන් ඒකනායක මහතා පැවසිය.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති යන්වෙයි ෂු මහතා ( YANWAI ZHU) සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක්ද විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් ඇතුළු සිසු දරුවන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 103
Previous Post

බස්නාහිර පළාතේ ගංවතුර පාලනයට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් –  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය

Next Post

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5කට අනුමැතිය – උසස් නිලතල පිළිබඳ කාරක සභාව

editor ttvnews

editor ttvnews

Next Post
මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5කට අනුමැතිය – උසස් නිලතල පිළිබඳ කාරක සභාව

මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5කට අනුමැතිය - උසස් නිලතල පිළිබඳ කාරක සභාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved