එළඹෙන ඊඩ් අල් ෆිතර් (Eid Al Fitr) නිවාඩු සමය සහ පාසල් වසන්ත නිවාඩුව ඉලක්ක කර ගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උසම කඳු මුදුන වන රාස් අල් කයිමාහි ජෙබෙල් ජයිස් (Jebel Jais) වෙත පැමිණෙන පවුල් සඳහා සුවිශේෂී නොමිලේ ලබාදෙන දීමනා කිහිපයක් හඳුන්වා දී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උසම ස්ථානයක පිහිටි අවන්හල ලෙස සැලකෙන ‘1484 by Puro’ වෙත මාර්තු 17 සිට 22 දක්වා පැමිණෙන වයස අවුරුදු 16ට අඩු දරුවන්ට නොමිලේ ආහාර ලබා ගත හැකිය. ඒ සඳහා දරුවන් සමඟ වැඩිහිටියකු සිටීම අනිවාර්ය වේ.
ලොව දිගම සිප්ලයින් අත්දැකීම ලෙස සැලකෙන ‘Jais Flight’ සඳහා ද වයස අවුරුදු 16ට අඩු දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය. මෙහිදී ද දරුවන් සමඟ වැඩිහිටියකු සහභාගී විය යුතු අතර, දරුවාගේ අවම බර කිලෝග්‍රෑම් 40ක් විය යුතුය.
මෙම වැඩපිළිවෙළ හරහා පවුල් පිටින් කඳුකරයේ සුන්දරත්වය සහ වික්‍රමාන්විත අත්දැකීම් විඳගැනීමට සංචාරකයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමට බලධාරීන් අපේක්ෂා කරයි.














