“එක් ජාතියක්” ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක වන “මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය” අද (01) දින සිට ආරම්භ වීමට නියමිතය. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පිහිටුවා ඇති “එක් ජාතියක්” ජාතික ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කවුන්සිලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, රජයේ ආයතන, පාසල් සහ පොදු ප්‍රවාහනය හරහා පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මේ යටතේ ක්‍රියාත්මක වේ.
මෙම සතියේ ප්‍රධාන අරමුණු වන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය විකිණීම වැළැක්වීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමයි.














