• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට – ඇමැති කංචන

8 March 2024
in දේශීය, පුවත්
විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට – ඇමැති කංචන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් කැබිනට් අනුමැතියෙන් පසු ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ 2024 මාර්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 21.9%කින් අඩු කිරීමට හැකියාව ලැබුණා. ඒකක 30ට අඩු කාණ්ඩයේ පාරිභෝගිකයන්ගේ විදුලි ඒකක මිල 33%කින් අඩු කෙරුණා. ඒකක 31ත් 60ත් අතර පාරිභෝගිකයන්ගේ බිල්පත 28%කින් පහළ ගියා. ඒකක 60ත් 90ත් අතර පාරිභෝගිකයන්ගේ බිල්පත 30%කින් ද, ඒකක 90ත් 180ත් අතර පාරිභෝගිකයින්ගේ බිල්පත 24%කින් ද පහළ ගියා. ඒ වගේම ඒකක 180ට වැඩි ගෘහස්ත කාණ්ඩය සඳහා 18%කින් ගාස්තු අඩු කෙරුණා. එහිදී ආගමික ස්ථානවලට 33%ක අඩු කිරීමක් සිදු වුණා. හෝටල් සහ කර්මාන්ත අංශවල බිල්පත 18%කින් අඩු කෙරුණා. එහිදී පොදු කාර්යය කාණ්ඩයට 23% අඩුවීමක් සහ රාජ්‍ය අංශය සඳහා 22% කින් ගාස්තු අඩු කෙරුණා. වීථි පහන් සඳහා 20%ක අඩු කිරිමක් ද සිදු කෙරුණා. මීට සාපේක්ෂව ආපන ශාලාවල ආහාර මිල මෙන්ම භාණ්ඩ මිල ගණන් අඩුවුණා ද යන්න පිළිබඳව යම් ගැටලුවක් පවතිනවා. ඒ වගේම පොදු සේවාවන් ලෙස සැලකෙන කාණ්ඩයේදී ජනතාවට විශාල සහනයක් ලබාදිය යුතු බව පැවසිය යුතුයි. මෙම සහන ලබාදීමේ කාර්යය විදුලිබල මණ්ඩලයට හෝ අමාත්‍යාංශයට සිදුකල හැකි කරුණක් නොවන බව අපගේ අදහසයි. ඒ වගේම පසුගිය කාලයේ ලැබුණු අධික වර්ෂාපතනය නිසා විදුලි ජනනය කිරීමේ ක්‍රියාවලියේ ගැටලු අවම කර ගැනීමට හැකියාව ලැබුණා. එම ප්‍රතිලාභය තුළින් 2022 වසරේ පැවති රුපියල් බිලියන 270කට අධික වූ අලාභයෙන් කොටසක් පියවා ගැනීමට හැකියාව ලැබුණා. නමුත් විදුලි බිල අඩු කිරීමට ප්‍රධානම සාධකය වන්නේ, පැවති ආර්ථික අස්ථාවරභාවයෙන් රට ක්‍රම ක්‍රමයෙන් ස්ථාවරත්වයට පැමිණ රුපියල ශක්තිමත් වීමේ වාසිය බව පැවසිය යුතුයි. එමඟින් විදුලි ජනන වියදම අඩු කිරීමට විශාල ලෙස හැකියාව ලැබුණා. එමෙන්ම ද්විත්ව අගයක්ව පැවති පොලී අනුපාතිකය අඩුවීම ද විශාල වාසියක් වුණා. එමෙන්ම ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන ඩොලර් මිලියන 100ක පළමු කොටසින් පාසල්, ආරක්ෂක කඳවුරු, විශ්වවිද්‍යාල, ආගමික සිද්ධස්ථාන ඇතුළු පොදු ස්ථානවල විදුලිය ලබා ගැනීම සඳහා සූර්ය පැනල ලබාදීමට අප කටයුතු කරනවා. තවදුරටත් විදුලිබිල අඩු කරගැනීමට නම් දැනට පවතින විදුලි බලාගාර වෙනුවට හෝ දැනට සිදු කෙරෙන අධික විදුලි මිලදී ගැනීම් වෙනුවට අඩු වියදමින් යුත් ක්‍රමවේදයන් සඳහා යොමු විය යුතුයි. සියඹලාණ්ඩුව විදුලි ජනන ව්‍යාපෘතිය 2025 වසර අවසාන භාගයේදී ජාතික පද්ධතියට එකතු කිරීම අපගේ මීළඟ බලාපොරොත්තුවයි. එමඟින් මෙගාවොට් සියයක් රුපියල් 25 හෝ 26ක මුදලකට විදුලිබල මණ්ඩලයට ලබාගත හැකි වනවා. එවැනිම මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව මේ වන විට අප අධ්‍යයනය කරමින් සිටිනවා. ඒ සඳහා අයෝජකයන් විශාල ප්‍රමාණයක් අප සමඟ එක්ව සිටිනවා. ඒ වගේම සුළං සහ සූර්යබල ව්‍යාපෘති 10ක් දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා විවෘත කර තිබෙනවා. ලබන සතියේ මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මෙගාවොට් 50ක සුළං බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවීමට අදාළ දැන්වීම පල කිරීමට අප කටයුතු කරනවා. එමෙන්ම ඉන්ධන මිල සූත්‍රය පිළිබඳව පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදුකොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට බලාපොරොත්තු වනවා. තවද විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතුවලට අදාළ ගැසට් පත්‍රය පසුගිය දෙසැම්බර් මාසයේ දී පළ කරනු ලැබුවා. ඒ අනුව නව පනතේ අඩුපාඩු සහ වෙනස්කම් පිළිබඳව පාර්ශ්වකරුවන්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති පෙන්වා දී තිබුණා. ඊට අදාළ සංශෝධන 46ක් නීති කෙටුම්පත් කාර්යාලය හරහා නිෂ්කාශනයන් සඳහා නීති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. ඉන් අනතුරුව ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නව පනතක් ලෙස සම්මත කරගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 5,549
Previous Post

ජනපති රනිල්ගේ භූමිකාව කාටුන් ශිල්පීන් දුටු හැටි “Press Vs. Prez” කෘතියෙන් එළිදැක්වේ

Next Post

දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නෑ – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

editor ttvnews

editor ttvnews

Next Post
දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නෑ – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නෑ - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved