එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඩුබායි නුවර කේන්ද්‍ර කරගත් ප්‍රකට එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කරන්නේ ඉරාන ජාතිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම හෝ එරට හරහා වෙනත් රටවල් කරා ගමන් කිරීම (Transit) තාවකාලිකව තහනම් කර ඇති බවයි
කලාපීය වශයෙන් ඉරානය සහ ගල්ෆ් කලාපීය රටවල් අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. මේ අනුව ඉරාන විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මෙම දැඩි සංචාරක සීමාවන් අදාළ වනු ඇති
කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තවත් ගුවන් සේවයක් වන ෆ්ලයිඩුබායි (Flydubai) සමාගම පෙන්වා දෙන්නේ මේ සඳහා යම් සහනදායී තත්ත්වයන් පවතින බවයි. ඒ අනුව වලංගු “Golden Visa” බලපත්‍රයක් හිමි ඉරාන ජාතිකයන්ට තවදුරටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට සහ එරට සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට අවසර හිමිවනවා
මැදපෙරදිග කලාපීය භූදේශපාලනික උණුසුම ලෝකයේ ප්‍රධානතම ගුවන් ගමන් මධ්‍යස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද මෙලෙස ඍජුවම බලපා ඇති බැවින් ඉදිරියේදී සංචාරය කිරීමට අපේක්ෂා කරන සියලුම මගීන් ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට පෙර පවතින නවතම නීතිරීති පිළිබඳව දැඩිව විමසිලිමත් වන ලෙස එම ගුවන් සමාගම් ඉල්ලා සිටිනවා

















