බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනයේදී අනිවාර්යයෙන්ම කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.
එසේම එදිනට විදේශ ගමන්වලින් වැළකී සිටින ලෙසටද ඔවුන්ට දන්වා ඇති බවයි වාර්තා වන්නේ. සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව බාර දෙනු ලැබූ මෙම විශ්වාසභංග යෝජනාව ලබන 10 වැනිදා විවාදයට ගැනීමට නියමිතව ඇති අතර යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම එදින සවස පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහොමයක් මේ වන විටත් සිය එකඟත්වය පළ කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.













