• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපනික පරිසරය පොහොසත් කිරීම තුළින් කෙලින් ජිවත් වීමට අතවශයයි – රාජ්‍ය අමාත්‍ය සතාසිවම්

14 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අධ්‍යාපනික පරිසරය පොහොසත් කිරීම අපේ අනාගත සමාජයට කෙළින් ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධකයක් බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ බස් රථයක් තුල පුස්තකාලයක් ඇති කිරීමේ “කියවන රටක් දැනුමැති හෙටක්” වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයන් එක්ව මෙම උදාර වැඩසටහන දියත් කර ඇති බව ඊයේ (13)පැවති මඩකලපුව අම්බිලාන්තුරෙයි කලෙයිමගල් විදුහලේ පැවති උත්සවය අමතමිනි.

අපගේ අනාගත සමාජය ඍජුව ජීවත් වීමට අධ්‍යාපනික පරිසරය පොහොසත් කිරීම අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දී වසර 75කට පසු මේ ක්ෂේත්‍රයේ රට කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බවත්, අධ්‍යාපනයෙන් හඳුනාගත් අපේ ප්‍රජාව අධ්‍යාපනික සංවර්ධනයට නැවත දිරි දෙන්නේ නම් පමණක් සමාජ ප්‍රගතියක් ඇති කළ හැකි බවත් ඇමැතිවරයා පැවසීය.

ඒහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “නිදහස් අධ්‍යාපනය නැති කිරීමට ඇතැමුන් උත්සාහ කරන බවට එල්ල වන චෝදනා මධ්‍යයේ බලයට පත් වූ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය සුරැකීමට දැඩි උත්සාහයක් ගත් බව අවිවාදිතය. ශ්‍රී ලංකාව සාක්ෂරතාවය ඉහළ මට්ටමක තබා ගැනීමට නිදහස් අධ්‍යාපන ක්‍රමය විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. නිදහස් අධ්‍යාපනය ලබාදීමට රජය විශාල මුදලක් වැය කළද අධ්‍යාපනයේ විෂමතාව බරපතළ ප්‍රශ්නයක් ලෙස පවතී. අධ්‍යාපනයේ අසමානතාවය කලාපීය හා ආර්ථික ප්‍රශ්නයක් ලෙස සැලකේ. රට ගොඩනැගීමේ සෞභාග්‍යයේ දැක්ම වන්නේ ජාතික ප්‍රතිපත්ති සැලසුම්වලට අනුකූලව රටපුරා රජයේ පාසල්වල නොමිලේ අධ්‍යාපනය ලබාදීමත්, සැමට ඒකාකාර පාඨමාලා සහ පෙළපොත් ලබාදෙමින් අධ්‍යාපනික කටයුතු සිදුකිරීමත්ය. විෂයමාලාවේ විෂමතාවයක් නොමැති අතර දිස්ත්‍රික්ක සඳහා අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ අසමානතාවයක් පවතී. කොළඹ, ගම්පහ වැනි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් දිස්ත්‍රික්කවල පවතින අධ්‍යාපන ප්‍රමිතිය සහ වඩාත්ම පසුගාමී ප්‍රදේශවල දිස්ත්‍රික්ක අතර විශාල වෙනස්කම් තිබේ. කෙසේ වෙතත් වත්මන් රජය සිසුන් අතර අධ්‍යාපනය නංවාලීම සඳහා දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඒ ආශ්‍රිතව දැනට පවතින සවුකඩ් භාරතී විද්‍යාලය, කඩ්සේන විද්‍යාලය, කායන්කුඩා විද්‍යාලය, කොට්ටියාරම්මුනෙයි පේදුරු විද්‍යාලය, ඉලුප්පඩ්සේනෙයි අම්බලාම් විද්‍යාලය ,කන්නයි චොලෙයි ඉරට්ටයි චොලෙයි විශ්නු විදුහල් ඇතුළු නැගෙනහිර පළාතේ පාසල් කිහිපයක් සංවර්ධනය කිරීමට පියවර ගනිමින් සිටී. ඉච්චන්දිව් රාමක්‍රිෂ්ණ සංග විද්‍යාලය සාමාන්‍ය පෙළ සිට උසස් පෙළ දක්වා උසස් කිරීමටත් රජය තීරණය කර ඇත. එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගාමී ප්‍රදේශවල ජාතික පාසල් නඟා සිටුවීම සඳහා කලාප අධ්‍යාපන කාර්යාලය හරහා කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, පසුගාමී ප්‍රදේශවල සිසුන් අතර පාසල් හැරයාම ඉහළ යාම හමුවේ පාසල් අධ්‍යාපනය හැර යන අය හඳුනාගෙන ඔවුන් අධ්‍යාපන පරිසරය තුළ දිරිමත් කිරීමටත් රජය විසින් විවිධ වැඩසටහන් දියත් කර ඇත. පසුගාමී ප්‍රදේශවල සිසුන් පාසල් හැරයාමට ප්‍රධාන සාධකයක් වන්නේ ගමෙන් පාසලට ඇති දුරයි. මෙයින් අදහස් කරන්නේ නිවාස සහ පාසල අතර දුර වැඩි වන තරමට ප්‍රවාහන ගාස්තු වැඩි වන බවයි. මේ නිසා ඇතැම් මවුපියන් තම දරුවන් පාසලෙන් බැහැර කිරීමට උත්සාහ කරති එහෙයින් මේ තත්ත්වය නවත්වා ගත යුතුය.එම නිසා හැකි ඉක්මනින් දරුවන්ට අධ්‍යාපන කටයුතු වල හෙදිය හැකි හොද පරිසරයක් බිහිකිරීමේ අරමුණු ඇතුව මෙම “කියවන රටක් දැනුමැති හෙටක්”වැඩසටහන ආරම්භ කල බව වැඩි දුරටත් අදහස් දැක්වමින් රාජ්‍ය අමාත්‍ය වියාලේන්දන් මහතා පැවසීය.

 

Post Views: 6
Previous Post

සංචාරකයන්ට වැඩි වශයෙන් ගෙන්වීමට 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කරයි

Next Post

ගෑස් පිපිරීම් වලින් හානිවන වින්දිතයින්ට නීතිඥ සහය නොමිලේ දෙනවා – විපක්ෂ නායක

editor

editor

Next Post

ගෑස් පිපිරීම් වලින් හානිවන වින්දිතයින්ට නීතිඥ සහය නොමිලේ දෙනවා - විපක්ෂ නායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved