තම රටේ හමුදා ශක්තිය පිළිබඳව දැඩි විශ්වාසයකින් යුතුව අදහස් දැක්වූ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගන්, ඊශ්‍රායලයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් පසුබට නොවන බවට අනතුරු අඟවා තිබේ. මීට පෙර ලිබියාවේ සහ කරබාක් කලාපයේ සිදුකළ හමුදාමය මැදිහත්වීම් නිදසුනට ගනිමින් ඔහු ප්‍රකාශ කළේ, ඊශ්‍රායලයට එරෙහිව ද එවැනිම පියවරක් ගැනීමට තුර්කියට කිසිදු බාධාවක් නොමැති බවයි.
මෙම ප්‍රකාශය මැදපෙරදිග පවතින උණුසුම්කාරී වාතාවරණය තවදුරටත් තීව්‍ර කිරීමට සමත්ව ඇති අතර, ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් මෙය සලකනු ලබන්නේ කලාපීය බලවතුන් අතර සෘජු ගැටුමකට පාර කපන බරපතල අනතුරු ඇඟවීමක් ලෙසයි.
තොරතුරු උපුටා ගැනීම: Iran Updates(x)ඇසුරින්














