ඇමෙරිකානු අධි-තාක්ෂණික ‘Stealth’ ප්‍රහාරක යානා වලට පිළිතුරක් ලෙස යුරෝපය විසින් ආරම්භ කරන ලද අභිලාෂකාමී FCAS (Future Combat Air System) ව්‍යාපෘතිය, මේ වන විට යුරෝපා කලාපයේ පවතින දේශපාලන සහ ආරක්ෂක බෙදීම් ලොවට හෙළි කරන කැඩපතක් බවට පත්ව තිබේ.
ප්‍රංශය, ජර්මනිය සහ ස්පාඤ්ඤය එක්ව මෙම හයවන පරම්පරාවේ ප්‍රහාරක යානා ව්‍යාපෘතිය ආරම්භ කළද, එහි තාක්ෂණික හිමිකාරීත්වය සහ කාර්මික කොටස් බෙදා ගැනීම සම්බන්ධයෙන් රටවල් අතර පවතින අවිශ්වාසය ව්‍යාපෘතිය ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත. විශේෂයෙන්ම ප්‍රංශයේ ‘Dassault Aviation’ සහ ජර්මනිය ප්‍රමුඛ ‘Airbus’ සමාගම් අතර පවතින සීතල යුද්ධය මෙයට දැඩිව බලපා තිබේ.
යුරෝපය එක්ව එක් ප්‍රබල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා වෙනුවට, බ්‍රිතාන්‍යය, ඉතාලිය සහ ජපානය එක්ව ‘Global Combat Air Programme’ (GCAP) නමින් තවත් සමාන්තර ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙමඟින් යුරෝපයේ සීමිත ආරක්ෂක ප්‍රතිපාදන සහ සම්පත් බෙදී යාම නිසා කිසිදු ව්‍යාපෘතියක් නියමිත වේලාවට අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව විචාරකයෝ පවසති.
රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමඟ යුරෝපය සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවූවද, එම මුදල්වලින් වැඩි ප්‍රමාණයක් තවමත් වැය වන්නේ ඇමෙරිකානු නිෂ්පාදිත F-35 වැනි යානා මිලදී ගැනීමටය. මෙය යුරෝපීය දේශීය ආරක්ෂක කර්මාන්තය දුර්වල වීමටත්, කලාපීය ස්වාධීනත්වය පිළිබඳ ගැටලු මතු වීමටත් හේතු වී තිබේ.
යුරෝපීය ආරක්ෂක කර්මාන්තය තුළ පවතින මෙම “කැබලි කිරීම” (Fragmentation) හේතුවෙන් ඇමෙරිකාවට හෝ චීනයට සාර්ථක තාක්ෂණික අභියෝගයක් එල්ල කිරීමට යුරෝපය අපොහොසත් වෙමින් පවතින බව WSJ වාර්තාව පෙන්වා දෙයි.














