දශක ගණනාවක් පුරා යුරෝපය සහ අප්‍රිකාව අතර පැවති සාම්ප්‍රදායික ආධාර ලබාදීමේ ක්‍රමය වෙනුවට, දෙපාර්ශවයේම උපායමාර්ගික අවශ්‍යතා මත පදනම් වූ නව හවුල්කාරිත්වයක් කරා ගමන් කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ. චීනය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අප්‍රිකානු කලාපය තුළ සිය බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කිරීමත්, මැදපෙරදිග පවතින ඉරාන යුද්ධය හේතුවෙන් බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධාවන් මෙලෙස යුරෝපය සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට ප්‍රධාන හේතු වී තිබේ.
හිටපු මලාවි ජනාධිපති ලාසරුස් චක්වේරා (Lazarus Chakwera) මහතා ප්‍රකාශ කරන්නේ, වෙනස් වන ලෝක දේශපාලන යථාර්ථය හමුවේ පැරණි ආධාර ආකෘතීන් තවදුරටත් ගැලපෙන්නේ නැති බවයි. දෙපාර්ශවයටම ජයග්‍රාහී තත්ත්වයක් (Win-win situation) උදාකර ගැනීම සඳහා අඛණ්ඩ සංවාදයක නිරත විය යුතු බවත්, අප්‍රිකානු නායකයින්ට මේ හරහා නව අවස්ථා රැසක් උදා වන බවත් ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්වීපය තුළ අභ්‍යන්තර වෙළඳාම දියුණු කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරිණි.
ලෝක බලවතුන් අතර අප්‍රිකාවේ ස්වභාවික සම්පත් සහ වෙළඳපොළ සඳහා පවතින තරඟකාරිත්වය හමුවේ, යුරෝපය සිය ආධිපත්‍යය රැක ගැනීම සඳහා ආයෝජන සහ පොදු අවශ්‍යතා මත පදනම් වූ මෙවැනි ක්‍රමවේදයකට යොමු වීම සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික වෙනසක් ලෙස විචාරකයෝ හඳුන්වති.














