• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමි විය යුතුයි – ජනපති

23 March 2024
in පුවත්, සංවර්ධන
කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමි විය යුතුයි – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා දුන් ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (22) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය.

මේ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිහරණය කරන ලද ඉඩම් නිදහස් කිරීම ද මෙයට සමගාමීව ඊයේ (22) පලාලි ගුවන් හමුදා කඳවුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

යාපනය ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා විසින් ඉඩම් නිදහස් කිරීමේ නිල ලිපි ලේඛන මෙහිදී ජනාධිපතිවරයාට භාර දුන් අතර, අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ලිපි ලේඛන යාපනය දිසාපති මරදලිංගම් ප්‍රදීපන් මහතා වෙත භාර දුන්නේය.

ඒ අනුව වලිකාමම් උතුර ප්‍රාදේශීය කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් පහකට අයත් අක්කර 234 ක් මෙලෙස සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදු කෙරුණු අතර මෙම ඉඩම් රජයේ කෘෂි නවීකරණ වැඩසටහනට සමගාමීව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය.

ඒ වෙනුවෙන් බීජ ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනතුරුව ඉඩම් ලාභීන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මෙම අවස්ථාව සනිටුහන් කරමින් නිදහස් කරන ලද භූමියේ පැළයක් රෝපණය කිරීම ද සිදු කළේය.

උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය “ රජ කාලයේ ඉඩම් අයිතිය හිමිව තිබුණේ ජනතාවටයි. බ්‍රිතාන්‍ය යුගයේ මුඩු බිම් පනත යටතේ එම ඉඩම් රජයට පවරාගනු ලැබුවා. ඒ අනුව රටේ ඉඩම්වලින් 80% අයිතියි හිමිවුයේ රජයටයි. ආණ්ඩුව බලපත්‍ර මඟින් මෙම ඉඩම් හිමිකම් ජනතාවට පවරා දුන්නද නීත්‍යානුකූල අයිතිය හිමි වූයේ නැහැ. ජනතාවගෙන් ලබාගත් ඉඩම්වල අයිතිය නැවත ජනතාවට හිමිවිය යුතු බව මගේ විශ්වාසයයි. ඒ නිසා ඉඩම් බලපත්‍ර ඇති සියලුදෙනාටම සින්නකර ඉඩම් අයිතිය ලබාදීමට අප තීරණය කළා. කුමන ජාතියකට අයත් වුවද සියලු දෙනාගේ බලාපොරොත්තුව ඉඩමක අයිතිය ලබා ගැනීමයි. එම ඉඩම් අයිතිය සියලුදෙනාට හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් අපි උරුමය වැඩසටහන පසුගියදා දඹුල්ලෙන් ආරම්භ කළා. අද යාපනය දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අද පිරිසකට පමණක් මෙම ප්‍රතිලාභය හිමි වුවද මෙම ජූනි මාසය පමණ වන විට මෙම වැඩසටහන අවසන් කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. ඒ වගේම අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. යාපනයේ කෝපායිවල එය සිදු කෙරෙනවා. මේ සමඟ නවීන කෘෂිකර්මාන්තයක් මේ පළාතට ලැබෙනවා. ඒ සමඟම ආදායම් ඉහළ යාම සිදු වෙනවා. යුද්ධයෙන් පසු විශාල ඉඩම් ප්‍රමාණයක් හමුදාව යටතට ගැනීමට සිදු වුණා. මේ වන විට ආණ්ඩුව, රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 63,000ක් පමණ නිදහස් කර තිබෙනවා.ඒ වගේම නාවික හමුදාව යටතේ තිබු රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර තිබෙනවා. තවද, ගුවන් හමුදාව යටතේ තිබූ රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර තිබෙනවා. ඒ වගේම දින කිහිපයකට පෙර ඉඩම් අක්කර 101ක් නැවත ජනතාවට ලබා දුන්නා. අද අක්කර 234ක් ලබා දෙනවා. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගම්මාන ගණනාවකට අයත් ඉඩම් වන සංරක්ෂණ ප්‍රදේශ ලෙස නම් කර තිබුණා. එහිදී 1985 සිතියම අනුව කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා. මීට පෙර මෙම ස්ථානයේ ඉඩම් හිමිකරුවන් සහ ආරක්ෂක හමුදාව ඒකාබද්ධව Palali Smart Agriculture වැඩසටහන ආරම්භ කළා. මෙම ඉඩම් සියල්ල එම අයිතිකරුවන් විසින් නැවත නවීන කෘෂි වැඩසටහනට යෙදවිය යුතු බවට අප උපදෙස් දී තිබෙනවා. මෙය ඔවුන්ට තනිව කළ නොහැකි නිසා ත්‍රිවිධ හමුදාව එකතු වී ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ලබා දිමට කටයුතු කරනවා. ඒ වගේම අළෙවිය සඳහා ඉහළ පෙළේ සමාගම්වල දායකත්වය ලබා දෙනවා. ඒ වගේම බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනමේ සහයත් මීට හිමි වෙනවා. මෙම ඉඩම් ලබාදීම පිළිබඳ පනවනු ලැබුවේ එකම කොන්දේසියයි. ඒ යාපනයේ හොඳම ගොවිපොළ මෙම ස්ථානයේ පවත්වාගෙන යා යුතු බවයි. එසේම එය මුළු ලංකාවටම ආදර්ශවත් ගොවිපළක් විය යුතුයි. ඒ වගේම අපි උතුරේ අනෙකුත් ප්‍රදේශවල වගේම යාපනයේ නව වැඩසටහනක් ආරම්භ කරනවා. යුද්ධයෙන් පසු ඇති වූ ගැටළු අප දැන් විසඳමින් සිටිනවා . ඒ වගේම අපි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ආරම්භ කළා. අප එයට පමණක් සීමා වී නැහැ. ජනතාව පීඩාවට පත්වන ගැටලුවලට අප විසඳුම් ලබා දිය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවා දිය යුතුයි. ඒ නිසා මෙම පළාතේ අලුත් ආර්ථිකයක් අප නිර්මාණය කරනවා. වව්නියාවේ සිට යාපනය දක්වා කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගේම මෙම පළාතේ ඇති විශාල සූර්ය බලශක්තිය මෙන්ම සුළං බලශක්තිය ප්‍රයෝජනයට ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා. එසේම ආයෝජන කලාප සඳහා ඉඩම් වෙන් කර තිබෙනවා. එළැඹෙන වසර 05,10 තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කර උතුරට ශක්තිමත් ආර්ථිකයක් ලබාදීමට අප කටයුතු කරනවා. අප සියලුදෙනා එක්ව උතුර ලංකාවේ ප්‍රධාන ආර්ථිකයක් බවට පත් කර ගනිමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරෙන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ආඥාපති උතුර නාවික පෙදෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ, පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෘප් කපිතාන් චමින්ද හේරත් යන මහත්ම මහත්මීන්, උතුරු පලාත් දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 11,412
Previous Post

සජබය විශ්වාසභංගය ගෙනාවේ කතානායකධූරය හොබවන පුද්ගලයාට – මන්ත්‍රී තුෂාර ඉඳුනිල්

Next Post

විදේශිකයන්ට ලබන 15 වනදා සිට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය – රාජ්‍ය අමාත්‍ය ලසන්ත

editor ttvnews

editor ttvnews

Next Post
විදේශිකයන්ට ලබන 15 වනදා සිට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය – රාජ්‍ය අමාත්‍ය ලසන්ත

විදේශිකයන්ට ලබන 15 වනදා සිට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය - රාජ්‍ය අමාත්‍ය ලසන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved