• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට නැගිට්වන එකේ වගකීම හැමෝටම තියෙනවා – මන්ත්‍රී දුමින්ද දිසානායක

4 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ රට නැගිට්වන එකේ වගකීම සියළු දෙනාට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර සීප්පුකුළම ප්‍රදේශයේ පැවති උත්සවකදීය.කෘෂිකර්ම අමාත්‍යංශය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 20 000 ක් සඳහා බඩඉරඟු අක්කර 20 000 ක් වගා කිරිමට එක් අක්කරයකට රුපියල් ලක්ෂයකට ආසන්න ආධාර මුදලක් ලබා දීම සිදු කෙරේ.එහිදී බිම් සකස් කිරීමට රුපියල් 22 000 ක මුදලක්, බඩ ඉරඟු බීජ කිලෝ 05ක්, පොහොර ඇතුළු මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධරයන් සිදු කරනු ලබයි.ඒ සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීම මෙහිදී සිදු කෙරිණි. සීප්පුකුළම කොට්ඨාශයේ ගොවීන් 340 දෙනෙකු වෙනුවෙන් මෙම ආධාරය ලබා දී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ” මේ වැටිච්ච රට නැගිට්ටවන්න නම් අපි අවංක වෙන්න ඕනකම තියෙනවා, අපි දැන් වැටිලා ඉන්නේ, වැට්ටුවේ කවුද කියලා හෙව්වොත්, හොය හොය තමයි අපිට ඉන්න වෙන්නේ, අරයා වැට්ටුවා, මෙයා වැට්ටුවා කියලා කිය කිය ඉන්න පුලුවන්, හැබැයි අපි නැගිටින්නේ කොහොමද? නැගිටින්න නම් මෙන්න මේ වගේ ව්‍යාපෘති හරහා අපි දැන් නැගිටින්න ඕන, හැබැයි දැන් උදේ ඉඳන්, රෑ වෙනකල්ම මොකක්ද අපේ කටේ තියෙන්නෙ, නෑ, බෑ,පාඩුයි, වැඩක් නෑ, මේ රටේ ඉඳලා මොකටද? තේරුමක් නෑ, හොරු හොරකම් කරනවා, ඕවාම තමයි තියෙන්නෙ, ඕවා ගැන හිතනවාට වඩා අපිට තියෙනවා වැඩ කරන්න.ගොවිමහත්වරු අමාරුවෙන් හරි වගා කරන්න ඕන, නැත්නම් අපේ දූ දරුවන්ට කන්න දෙන්නේ කවුද? බැන්නා කියලා මම ගෙනත් දෙනවාද? කවුරුත් ගෙනත් දෙන්නේ නෑ. අද ජීවත් වෙන එක බොහොම අමාරුයි, ලයිට් බිල වැඩියි, වතුර බිල වැඩියි, ළමයින්ගේ පාසල් යන බස් ගාස්තු වැඩියි, ජීවන වියදම වැඩියි, ගෑස් මිළ වැඩියි, මේ කිව්ව නොකිව්ව සේරම වැඩියි, ජනවාරී වල ඉඳන් වැට් එකත් තව 3% ක් වැඩි වුණාම, ඒ හැම ජාතියෙන්ම තවත් පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනවා.දැන් මේක වැඩි කරන්නේ නැතිව මොකක්ද කරන්නේ?කවුරු ආවත්, කවුරු ආණ්ඩු කළත්, එයා කවුද කියලා වැඩක් නෑ, අපි වැටුණා නම් වැටුණා තමයි, කවුරු වුණත් නැගිට්ටවන්න තියෙන්නේ මේ ක්‍රමය තමයි.අපි දැන් ලයිට් බිල වැඩියි කියලා කියනවා නේ, වෙනදා අපි ගෙව්වේ පොඩි ප්‍රමාණයක් නම් ඒ වගේ තුන් ගුණයක් කියලා කියන්න පුලුවන් දැන්.ඒ වෙලාවේ අඩු මුදලක් ලයිට් බිල ගෙව්වේ විදුලි බල මණ්ඩලය පාඩු කර ගෙන, ඒ පාඩුව නැවත ගෙව්වෙත් අපිමයි.ඒවා පාඩු වුණ නිසා තමයි අද අපිට මේ තත්වයට පත් වෙන්න වෙලා තියෙන්නේ.එයාර් ලංකා එක බිලියන ගණන් පාඩුයි කියනවා, ප්ලේන් එකේ ගිහින් නෑ, දැකලත් නෑ, අතගාලාත් නෑ, හැබැයි අපි ණය ගෙවනවා.ඇයි අපි ඒ ආයතන වලට පාඩු කර ගන්න දුන්නේ.ඒ ඒ ආණ්ඩු ගත්ත වැරදී තීරණ ඒවාට බලපෑවා.අපි මේ රටේ සංවර්ධන කටයුතු සිදු කලේ ලෝකයෙන් ණය අරන්.රටේ ආදායම මදි පඩි ගෙවන්න.රටින් ගත්ත ණය වලින් ජනතාවගේ ඉල්ලීම් ඉෂ්ඨ කලේ.දැන් අපි කියනවා අරූ ණය කළා, මූ ණය කළා කියනවා.අපි හැමෝම මේකට හවුල්, දේශපාලඥයෝ විදිහට අපි වැඩියෙන් හවුල් වෙලා තියෙනවා අත උස්සලා.ඔබතුමන්ලා ඉල්ලීම් ඉල්ලලා, අපේ මූණ දලා බෝඩ් එකකුත් ගහලා, අපිට කිරිබතුත් කවලා යවනවා, ෂෝක් අපේ පාර හදලා දුන්නා, වැව හදලා දුන්නා කියලා ඒ ණය වුණ සල්ලි වලින්.මේ රට නැගිට්වන එකේ වගකීම දේශපාලඥයොන්ට පමණක් නෙමෙයි, නිළධාරීන්ට පමණක් නෙමෙයි, අපි හැමෝටම වගකීමක් තියෙනවා. ගොවියෝ ගොවිතැන හරියට කරමු, රජයේ නිළධාරීන් හරියට රාජකාරී කරමු, දේශපාලඥයෝ හොරකම් කරන්නේ නැතිව හරියට දේශපාලනය කරමු.මේ විදිහට අපි එකතු වුණොත් මේ රට නැගිට්ටවන්න පුලුවන්කම තියෙනවා, වැටුණම තමයි අපිට හයියක් ශක්තියක් එන්නේ වේගයෙන් නැගිටින්න.නැගිටින්න තියෙන වෙලාවේ අපි කාට කාට හරි බැන්නොත් අපිට නැගිටින්න වෙලාවක් තියෙනවාද? යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

 

තිසර සමල් -අනුරාධපුර

Post Views: 6
Previous Post

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

Next Post

මාතලේ ළමා සංවර්ධනයට රුපියල් ලක්ෂ 50ක් වෙන් කෙරේ

editor

editor

Next Post

මාතලේ ළමා සංවර්ධනයට රුපියල් ලක්ෂ 50ක් වෙන් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved