රජය අද ප්‍රමුඛත්වය දී ඇති ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම උදෙසා රාජ්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් – ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල මහජන නියෝජිතයන් සහ පළාත් සභා ආණ්ඩුකාරවරුන් එක්විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අගමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අය වැයේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.
මහජන නියෝජිතයන් නොමැතිව, පාර්ලිමේන්තුව, පළාත් සභාවලට මුදල් වෙන්කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, පළාත් සභාවක් ඇති කරන තුරු, එම පළාතට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සභාවක් මඟින් කටයුතු කළ හැකියි කියා ව්‍යවස්ථාවේ පෙර තිබූ ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට එකඟතාවක් ඇති කරගත හැකිද යන්න විමසා බැලිය යුතු බවද සිහිපත් කරදුන්නේය.
තමා සභාපතිත්වය දැරූ ඡන්ද ක්‍රම වෙනස් කිරීමේ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර ගැනීමට විපක්ෂයේ සහයෝගය අවශ්‍ය බවද හෙතෙම කියා සිටියේය.
රාජ්‍ය සේවයේ නියමාකාරයෙන් ක්‍රමවත් කොට, යළි ප්‍රතිසංවිධානය කළ යුතු බවත්, ජනතාව කඩිනම් සේවයක් බලාපොරොත්තු වන බවත් පැවසීය.
කෝවිඩ් කාලයේ නිකුත් කළ රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම සම්බන්ධය චක්‍රලේඛය අවලංගු කරන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු සිද්ධ කරමින් සිටින බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.
සේවක සංඛ්‍යාවන්, හාම්පුතුන් හා රජය අතර ත්රෛපාක්ෂික එකඟතාවක් මත සංවර්ධනය ඉදිරියට ගෙනයන බවද කී අග්‍රාමාත්‍යවරයා, සෑම පරිපාලන දිස්ත්‍රික්කයක ම අග නගරය මහ නගර සභාවක් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කළ බවද කීය.