තමා නැවත කිසිසේත්ම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් නොමැති බව හිටපු විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්‍රි මහතා අද (මාර්තු 25) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. දේශපාලනයෙන් ඉවත් වුවද, නීතිඥවරයෙකු ලෙස මෙරට ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් අඛණ්ඩව සහාය ලබා දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එසේම, වත්මන් දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව ඇති හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ද ඔහු සිය අදහස් පළ කළේය. පාස්කු ඉරු දින ප්‍රහාරයට සුරේෂ් සලේ මහතා සම්බන්ධ බවට එල්ල වන චෝදනා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම විමර්ශන ක්‍රියාවලිය ඇතැමුන් විසින් විහිළුවකට ලක් කර ඇති බව ද ඔහු මෙහිදී පවසා සිටියේය.














