ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ෆෙයාර්ෆැක්ස් (Fairfax) උසස් විද්‍යාලය තුළදී සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබ සිටි 18 හැවිරිදි ඉශ්‍රායෙල් ක්‍රිස්ටෝපර් ෆ්ලෝරස්-ඔර්ටිස් (Israel Christopher Flores-Ortiz) නමැති සිසුවා වරදකරු බවට අධිකරණය තීන්දු කර තිබේ. අප්‍රේල් 10 වන සිකුරාදා ප්‍රකාශයට පත් කළ මෙම තීන්දුවට අනුව ඔහුට එරෙහිව එල්ල වී තිබූ පහරදීම් සහ අතවර කිරීම් සම්බන්ධ චෝදනා නවයකට ඔහු වරදකරු වී ඇත.
මෙම වසර මුලදී අදාළ පාසලේ ශාලා තුළදී තමන් අනිසි ලෙස ස්පර්ශ කළ බවට සිසුවියන් කිහිපදෙනෙකු ඉදිරිපත් වී පැමිණිලි කර තිබූ අතර, එම අවස්ථාවේදී සැකකරු ද එම පාසලේම ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී සිටි බව බලධාරීන් අනාවරණය කළේය. මෙම සිදුවීමත් සමඟ පාසල් පද්ධතියේ ආරක්ෂාව පිළිබඳව දෙමාපියන් සහ සිසුන් අතර දැඩි කනස්සල්ලක් ද හටගෙන තිබුණි.
සැකකරු නීතිවිරෝධී ලෙස ඇමරිකාවට ඇතුළු වූවෙකු බව අනාවරණය වීමත් සමඟ ෆෙඩරල් බලධාරීන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් ආගමන විගමන රඳවා ගැනීමේ නියෝගයක් (Immigration detainer) නිකුත් කර තිබේ. දණ්ඩනය නියම කිරීමෙන් පසුව ඔහුව නැවත ප්‍රජාව වෙත මුදා නොහරින ලෙසත්, රටින් පිටුවහල් කරන තෙක් රඳවා තබා ගන්නා ලෙසත් බලධාරීන් ඉල්ලීම් කර ඇත. මොහුට දඬුවම් නියම කිරීම අප්‍රේල් 21 වන අඟහරුවාදා දින සිදු කිරීමට නියමිතය.














