• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත – ජනපති

3 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාන්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (03) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළැඹිණ. පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සාකච්ඡාවට එක්වෙමින් කොවිඩ් මර්දනයට ගෙන ඇති පියවර පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ.

ඒ අනුව මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ.

එන්නත්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර අවුරුදු 20 – 29 වයස් කාණ්ඩයේ එන්නත්කරණය ඉදිරි සති දෙකක කාලය ඇතුළත අවසන් කිරීමේ අවශ්‍යතාව කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණවන පරිදි සිදු කෙරුණු වයස අවුරදු 30ට වැඩි ජනතාවගේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය දුන් සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළේය.

දෛනිකව 400-450ත් අතර මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී එන්නත්කරණය සිදු කෙරේ. ඒ ඒ මධ්‍යස්ථාන වෙත ලබාදෙන එන්නත් සංඛ්‍යාව සෞඛ්‍ය අංශ නිර්දේශ මත තීරණය වේ.
එහෙත් මධ්‍යස්ථානයකදී හෝ දෙකකදී සිදුවන සංසිද්ධියක් ගෙනහැර දක්වමින් සමස්ත ක්‍රියාවලිය අක්‍රමවත් බව හුවා දැක්වීමට මාධ්‍ය මගින් කෙරෙන උත්සාහය කණගාටුදායක බව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු පෙන්වා දුන්හ.

එන්නත්කරණයෙන් අත් කරගත් සාර්ථකත්වය සමග නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට අනුගත වෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි.

2020 මාස 03කට අධික කාලයක් රට වසා තැබීම හේතුවෙන් රටේ ආර්ථිකය සෘණ අගයක් ගනු ලැබිණ. කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස යථාර්ථය අවබෝධ කර ගනිමින් ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට සියලු පාර්ශ්වයන් වගකීමෙන් තීරණ ගතයුතු බව ජනාධිපතිවරයා පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය මත අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම ආර්ථිකය ලද විශාල අස්වැසිල්ලක් වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

ලෝකයේ බොහෝ රටවල් සංචාරක කර්මාන්තය සඳහා විවෘත කෙරෙමින් පවතී. ඊට සමගාමීව තීරණ ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඇති හැකියාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් මර්දන වැඩසටහනට සමගාමීව සංචාරක මෙහෙයුම් ප්‍රවර්ධනයට ගතයුතු සෞඛ්‍ය නිර්දේශ කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

Post Views: 8
Previous Post

රෝහල් වල ගොඩගැසී ඇති මෘත ශරීර කඩිනමින් නිදහස් කරන්න – ඇමැති කෙහෙලිය

Next Post

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

editor

editor

Next Post

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

Oxford ශබ්දකෝෂයට ගිය ශ්‍රී ලාංකේය අපේ දේ

26 June 2025
පවුලටම අධිචෝදනා

පවුලටම අධිචෝදනා

26 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

ජවිපෙ දේශපාලන පංති අරඹයි !

26 June 2025
ජීවිතාශාව  අත්හල ගාසා දරුවෝ

ජීවිතාශාව අත්හල ගාසා දරුවෝ

26 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved