අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් මහජනතාව වෙත විද්‍යුත් තැපැල් (Email) පණිවිඩ යැවීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම පණිවිඩ හරහා මුදල් වංචා කිරීම හෝ පුද්ගලික තොරතුරු සොරකම් කිරීමේ දැඩි අවදානමක් පවතින බව පොලිසිය අවධාරණය කරයි.














