මෙරට ගොවි ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ විශ්‍රාම දිවිය අභිමානවත් එකක් බවට පත්කිරීම වෙනුවෙන් කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලය මඟින් හඳුන්වා දුන් ගොවි රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් අද (අප්‍රේල් 1) මස්කෙළිය සාමිමලේ නගරයේදී පැවැත්වුණා.
මස්කෙළිය පොලිස් වසමට අයත් අප්කට්, ඔල්ටන්, මානෙළු සහ මීරියාකෝට්ට යන ප්‍රදේශවල එළවළු වගාවේ නිරත වන ගොවීන් මෙම නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වූ වතුකරයේ ගොවීන් 241 දෙනෙකු සඳහා අද දින මෙලෙස රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මිය සහ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.














