ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානිගේ දියණියක වන ෆාතිමා අර්ඩෙෂිර්-ලාරිජානි, අමෙරිකාවේ එමරි විශ්වවිද්‍යාලයේ (Emory University) දැරූ සහකාර මහාචාර්ය තනතුරෙන් ඉවත් කර ඇති බව නිව්යෝර්ක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි. එමරි විශ්වවිද්‍යාලයට අනුබද්ධ වින්ෂිප් පිළිකා ආයතනයේ සේවය කළ ඇයට එරෙහිව මෙම පියවර ගෙන ඇත්තේ, ඉරානය තුළ විරෝධතාකරුවන්ට එල්ල වන මර්දනයට විරෝධය පළ කරමින් ඇයව සේවයෙන් ඉවත් කර පිටුවහල් කරන ලෙස එල්ල වූ දැඩි මහජන පීඩනය හේතුවෙනි. ඇයගේ වෛද්‍ය බලපත්‍රය අවලංගු කරන ලෙස දේශපාලන අධිකාරියෙන් ද බලපෑම් එල්ල වී ඇති අතර, ඇයව පිටුවහල් කරන ලෙස ඉල්ලා පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක් අත්සන් කළ පෙත්සමක් ද මීට ඉවහල් වී තිබේ.














