ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන ලද ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ නවතම FBI වාර්තා මඟින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අතිශය ආන්දෝලනාත්මක චෝදනා පහක් එල්ල වී තිබෙනවා. මෙම වාර්තාවලට අනුව, ට්‍රම්ප් විසින් තරුණියක ලිංගික අපයෝජනයට ලක් කළ බවටත්, මුදල් විශුද්ධිකරණය වැනි නීති විරෝධී කටයුතුවල නිරත වූ බවටත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ වින්දිත කාන්තාව පවසන්නේ තමන් නව යොවුන් වියේ පසුවන විට ජෙෆ්රි එප්ස්ටයින් හරහා ට්‍රම්ප්ව හඳුනාගත් බවත්, එහිදී ඔහු තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බවත්ය. කෙසේ වෙතත්, මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව පවසමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ප්‍රකාශ කර ඇත්තේ, මේවා කිසිදු විශ්වාසදායක සාක්ෂියක් නොමැති, අපරාධ ඉතිහාසයක් සහිත කාන්තාවක විසින් ගොනු කරන ලද අසත්‍ය ප්‍රකාශ බවයි.
FBI වාර්තාවල සඳහන් පරිදි මේවා හුදෙක් සාක්ෂිකරුවන් ලබා දුන් ප්‍රකාශ පමණක් වන අතර විමර්ශකයින් විසින් තවමත් තහවුරු කරන ලද නිගමන නොවන බව ද සඳහන්. ජනාධිපති ට්‍රම්ප් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ජෝ බයිඩන්ගේ පාලන සමයේදී පවා මෙම තොරතුරු පිළිබඳව ක්‍රියා නොකිරීමෙන් ඔහු නිර්දෝෂී බව ඔප්පු වන බවයි ධවල මන්දිරය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.














