මාතලේ දිස්ත්‍රික්කයේ පොහොර නිකුත් කිරිමේ කටයුතු මේ වන විට අවසන් කොට ඇති බව දිස්ත්‍රික් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් බී. එම්. .එච්. කුමාරිහාමී මහත්මිය පැවසූවාය.
අැය මේ බව පැවසුවේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් කෘෂි කර් ම කමිටුව හමුවේදීය. මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
මේ අනුව දිස්ත්‍රික්කයේ වගාවන් සඳහා ඝණ කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 4325 ක් කාබනික දියර පොහොර ලීටර් 63.349 ක් සහ ජෛව දියර පොහොර ලීටර් 41 275 බෙදා දී ඇත.
ඒ අනුව පරිසර හිතකාමී පොහොර ලබාදීම වෙනුවෙන් පොහොර නිෂ්පාදන සමාගම් 04 ක් සදහා රුපියල් මිලියන 347 ක වියදමක් දැරීමට සිදුව ඇති අතර ඒ යටතේ බයෝ පුඩ් ආයතනය සඳහා ඝණ පොහොර සඳහා රුපියල් මිලියන 170 ක්. දියර සහ ජෛව දියර පොහොර සදහා රුපියල් මිලියන 33 ක් ද, නදන්ටා පුද්ගලික සමාගමට ඝණ පොහොර සඳහා රු. මිලියන 05 ක්, කාබනික දියර පොහොර සහ ජෛව දියර පොහොර සඳහා රු. මිලියන 04 ක්, පෙරේරා ප්ලාන්ටේෂන් ආයතනයට කාබනික ඝණ පොහොර සඳහා රු.මිලියන 30 ක් කාබනික සහ ජෛව දියර පොහොර සඳහා රුපියල් මිලියන 16 ක් සහ කැන්ගාරා සමාගමට ගණ පොහොර වෙනුවෙන් රු.මිලියන 46 ක් සහ කාබනික දියර පොහොර සඳහා මිලියන 43 ක් වශයෙන් ගෙවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
මීට අමතරව රසායානික පොහොර නිකුත් කිරීම යටතේ එම්. ඕ. පී. මෙට්‍රික් ටොන් 306 ක්, සහ යූර්යා මෙට්‍රික් ටොන් 2761 ක් ලැබී තිබිණි. මෙයින් එම්. ඕ. පී. මෙට්‍ර්ක් ටොන් 37 පමණක් ද යුර් යා මෙට්‍රික් 4ක් ටොන් 2435 ගොවීන් විසින් ලබා ගෙන ඇති බව ද ඒ මහත්මිය පැවසූවාය.
මේ අවස්ථාවට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂි කර් මාන්තයට අදාල ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න