මුදල් අමාත්‍ය සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරයි.
ඒම අයවැය යෝජනා කිහිපයක් පහත පරිදි වේ.
2023 අය වැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලියක්
රටක දීර්ඝ කාලීන (2023-2048) සංවර්ධනයට පදනම් වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවේ
තරුණ තරුණියන්ගේ යහපත් හෙට දවසක් වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල, වැඩ වර්ජන වැනි සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගිය අලුත් ප්‍රවේශයක්, අලුත් වැඩපිළිවෙලක් මගින් තරුණ තරුණියන්ගේ අපේක්ෂා වලට ගැළපෙන නව ආර්ථිකයක්
සමාජය හුරුපුරුදුව සිටින ජීවන රටා යළි පහළ මට්ටමකට නොවැටෙන ලෙස නව ගමනක්
ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් වෙනුවට තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ගැලපෙන ආර්ථිකයක්
ලෝකයේ නව ප්රවණතාවන්ට ගැලපෙන ලෙස අලුත් ආර්ථිකයක්
දිළිඳු හා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීමට පූර්ණ අවධානය
පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය පහසුකම් සපයන , ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක්
අපනයනය මූලික කරගත් තරගකාරී ආර්ථික ක්‍රමයක්
ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් නුදුරේදීම පාර්ලිමේන්තුවට
පරිසර හිතකාමී හරිත සහ නීල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් කෙරෙහි නව ආර්ථික වැඩපිළිවෙලෙහි විශේෂ අවධානයක්.
සමාජ- ආර්ථික පරිවර්තනය සිදුකළ යුත්තේ ගෝලීය සංසිද්ධීන් සැලකිල්ලට ගනිමින් සහ දේශගුණික විපර්යාස ගැන දැඩි අවධානයක්
සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් ඔස්සේ 7%- 8% ක ඉහළ ආර්ථික වර්ධනයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි
ජාත්‍යන්තර වෙළෙඳාම දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස 100%ක් පමණ ඉහළ නංවා ගැනීමට පියවර
2023- 2032 දක්වා නව අපනයන මඟින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කෙරේ.
මීළග අවුරුදු 10 තුළ වාර්ෂිකව ඩොලර් බිලියන 3ක සෘජු විදේශ ආයෝජන ඉලක්ක සපුරා ගැනිමට සැලසුම්
ඉදිරි දස වසර තුළදී ඉහළ කුසලතාවන්ගෙන් යුතු ජාත්‍යන්තර වශයෙන් තරගකාරී ශ්‍රම බලකායක් බිහි කර ගැනීමට අවශ්‍ය කටයුතු සැකසේ.