පකිස්ථානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආරක්ෂක අවදානම් සැලකිල්ලට ගනිමින් ඉස්ලාමාබාද් නුවර පිහිටි සිය තානාපති කාර්යාලය 2026 වසරේදී වසා දැමීමට ෆින්ලන්ත රජය නිල වශයෙන් තීරණය කර තිබේ. ෆින්ලන්ත විදේශ අමාත්‍ය එලිනා වැල්ටනන් (Elina Valtonen) ප්‍රකාශ කළේ මෙහෙයුම් සහ උපායමාර්ගික හේතූන් මත මෙම පියවර ගත් බවයි. පකිස්ථානයට අමතරව ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ මියන්මාරයේ යැන්ගොන් යන නගරවල පිහිටි තානාපති කාර්යාල ද වසා දැමීමට නියමිත අතර මින් ඉදිරියට එම කලාපීය අවශ්‍යතා අසල්වැසි රටවල පිහිටි තානාපති කාර්යාල හරහා සම්බන්ධීකරණය කෙරෙනු ඇත. මෙම තීරණයත් සමඟ පකිස්ථාන ජාතිකයින්ට වීසා ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන අතර එය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක පසුබෑමක් ලෙස සැලකේ.


















