2026 වසරේ ලෝක සන්තෝෂිත දර්ශකයට අනුව, ලොව සතුටින්ම සිටින රටවල් අතර ප්‍රථම ස්ථානය අඛණ්ඩව 9 වැනි වරටත් දිනා ගැනීමට ෆින්ලන්තය සමත්ව තිබේ. එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ‘වෙල්බීංග්’ (Wellbeing) පර්යේෂණ ඒකකය මගින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණ ඇසුරින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇත. ෆින්ලන්තයට අමතරව අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ නෝර්වේ යන නෝඩික් රටවල් ද ලොව සන්තෝෂිතම රටවල් 10 අතරට ඇතුළත් වීම විශේෂත්වයකි. භූගෝලීය සහ සංස්කෘතිකමය වශයෙන් පවතින සමීපතාව මෙන්ම උසස් ජීවන තත්ත්වය මෙම රටවල් ඉදිරියෙන් සිටීමට ප්‍රධාන හේතු වී තිබේ.














