රාගල ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රියෙදී නිවසක ඇති වු ගින්නක් හේතුවෙන් නිවසේ සිටි 05 දෙනෙකු පිලිස්සි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ මිය ගිය පිරිස අතර වයස අවුරුදු 60 වු පිරිමි පුද්ගලයෙකුද? වයස අවුරුදු 55 ක් හා 32 ක් වු කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 11 හා අවුරුදු 01 පිරිමි දරුවන් දෙදෙනෙකු සිටි ඇති බවයි.
එම පිරිස එම නිවසේ පදිංචි අය බව පොලිසිය පැවසිය.
මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම ඇති අතර මෘත ශරීර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද (08) දින සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.











