ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩීසැන්ටිස් විසින් ඕනෑම කණ්ඩායමක් “ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස නම් කිරීමට සහ එවැනි කණ්ඩායම්වලට සහාය දක්වන සිසුන් විශ්වවිද්‍යාලවලින් නෙරපා හැරීමට ප්‍රාන්ත බලධාරීන්ට බලය ලබාදෙන නව නීතියකට ඊයේ (06) අත්සන් තැබුවේය මෙම නව නීතිය හරහා ප්‍රාන්ත අභ්‍යන්තර ආරක්ෂක ප්‍රධානියාට සහ ආණ්ඩුකාරවරයාට තමන් අන්තවාදී යැයි තීරණය කරන ඕනෑම සංවිධානයක් ත්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කළ හැකිය එවැනි සංවිධාන බලහත්කාරයෙන් විසුරුවා හැරීමට සහ ඔවුන්ට ලැබෙන රජයේ ප්‍රතිපාදන අත්හිටුවීමට ද මෙමඟින් ප්‍රතිපාදන සලසා ඇත
මෙම පියවර මඟින් භාෂණයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වන බව පවසමින් ඇමෙරිකානු ඉස්ලාමීය සබඳතා පිළිබඳ කවුන්සිලය (CAIR) සහ පෙන් ඇමරිකා (PEN America) වැනි මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධය පළ කර තිබේ විශේෂයෙන්ම පලස්තීන හිතවාදී සහ වාමාංශික මතධාරී කණ්ඩායම් ඉලක්ක කරගනිමින් මෙම නීතිය ක්‍රියාත්මක වනු ඇති බවට එම සංවිධාන අනතුරු අඟවයි මීට පෙර ටෙක්සාස් ප්‍රාන්තය ද මෙවැනිම ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර ඒවා අධිකරණය හමුවේ අභියෝගයට ලක් විය
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සහ රිපබ්ලිකන් පක්ෂය පාලනය කරන ප්‍රාන්ත කිහිපයක් අන්තවාදයට එරෙහිව මෙලෙස දැඩි නීති හඳුන්වා දෙමින් සිටියි හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම සහ මැදපෙරදිග පවතින ඉරාන යුද වාතාවරණය හමුවේ ඇමෙරිකාව තුළ දේශපාලන නොසන්සුන්තාව ඉහළ ගොස් ඇති මොහොතක මෙම නව නීතිය භාෂණයේ නිදහසට එල්ල වූ මරු පහරක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති කෙසේ වෙතත් ආණ්ඩුකාර ඩීසැන්ටිස් පවසන්නේ අධ්‍යාපන පද්ධතිය තුළ අන්තවාදය පිටුදැකීමට සහ වගවීම තහවුරු කිරීමට මෙම නීතිය අත්‍යවශ්‍ය බවයි













