• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තල් හා කිතුල් රා ආශ්‍රිත නිෂ්පාදන සඳහා දැනට පවතින නීති ලිහිල් කිරීමට අවධානය

22 March 2024
in දේශීය, පුවත්
තල් හා කිතුල් රා ආශ්‍රිත නිෂ්පාදන සඳහා දැනට පවතින නීති ලිහිල් කිරීමට අවධානය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට තල් හා කිතුල් රා ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළෙහි ඉහළ ඉල්ලූමක් පවතින හෙයින් එම කර්මාන්තයේ වර්ධනයට හේතුවන ලෙස දැනට පවතින නීති ලිහිල් කිරීමට අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පවසයි.
මෙරට තල් හා කිතුල් රා කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙදපළෙහි ඉහළ ඉල්ලුමක් පවතියි. අතර දැනට එම කර්මාන්තය සඳහා බලපත් ලබා ගැනීමේ දී පවතින නීතිමය තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදන සැපයුම කෙරෙහි බලපෑමක් එල්ල වී තිබේ.

මෙම තත්ත්වය වෙනස් කර තල් හා කිතුල් රා කර්මාන්තය සඳහා බලපත් ලබා දීමේ දී දැනට පවතින නීතිමය තත්ත්වයන් ලිහිල් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (22) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එම සාකච්ඡාවට තල්, කිතුල් හා පොල් සංවර්ධන මණ්ඩල හා අධිකාරින් හි සභාපති වරු ඇතුළු නිලධාරින් ද සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද සහභාගි වූහ.

මෙහිදී කරුණු පැහැදිළි කළ කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තල් හා කිතුල් රා කර්මාන්තය ආශ්‍රිතව පවතින නිෂ්පාදන රැසක් දැනට ජාත්‍යන්තර වෙළෙඳපලට අපනයනය කරන බව කීය. නමුත් විශාල ඉල්ලුමක් පැවතියත් එම ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය කිරීමට නොහැකි වී තිබෙන්නේ දැනට පවතින තදබල නීතිමය තත්ත්වයන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමනිසා තල් හා කිතුල් ගස් මැඳීම සඳහා බලපත් ලබා දීමේ දී කිසියම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසත්, බලපත් ලබා ගන්නා යම් පුද්ගලයෙක් ලබා දී තිබෙන නිදහස අනිසි ලෙස භාවිතා කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ආකාරය සම්බන්ධවත් කරුණු ඇතුළත් ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කරන ලෙස සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

දැනට මෙරට පොල් රා වලින් සකස් කර ගන්නා ස්වාභාවික විනාකිරි බෝතලයක් විදේශ රටවල රුපියල් 15,000ක් වැනි මුදලකට අලෙවි කළ හැකි බව ද සභාපතිවරු පෙන්වා දුන්නේය.

එමෙන්ම තල් රා, තල් අරක්කු මෙන්ම කිතුල් තෙලිදිය සඳහා ද ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමමක් පවතී. කිතුල් පැණි හා කිතුල් හකුරු දියවැඩියා රෝගීන්ට පවා සුදුසු අමතර ආහාරයක් ලෙස විද්‍යාත්මකව තහවුරු වී ඇති බැවින් ජාත්‍යන්තර වෙළෙදපළේ ඒ සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී.

එමනිසා මෙම කර්මාන්තය නඟාසිටුවීමට සහයෝගය දක්වන ලෙස ද අමාත්‍යවරයා සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව ඉදිරියේ දී දැනට තල් හා කිතුල් රා කර්මාන්තය මෙන්ම පොල් රා සම්බන්ධව ද බලපත් ලබා දීමේ දී ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන බව ද සුරාබදු නිලධාරිහු පැවසූහ.

Post Views: 6,605
Previous Post

උත්සව සමයේදී හිඟයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

Next Post

සජබය විශ්වාසභංගය ගෙනාවේ කතානායකධූරය හොබවන පුද්ගලයාට – මන්ත්‍රී තුෂාර ඉඳුනිල්

editor ttvnews

editor ttvnews

Next Post
සජබය විශ්වාසභංගය ගෙනාවේ කතානායකධූරය හොබවන පුද්ගලයාට – මන්ත්‍රී තුෂාර ඉඳුනිල්

සජබය විශ්වාසභංගය ගෙනාවේ කතානායකධූරය හොබවන පුද්ගලයාට - මන්ත්‍රී තුෂාර ඉඳුනිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

25 July 2025
රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

25 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved