• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු 75 ක්ම බලය ලබා ගන්න ප්‍රශ්ණ ඇති කලා මිසක් ජනතා ප්‍රශ්ණ විසදුවේ නෑ – මන්ත්‍රී දුමින්ද

1 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර වෙනුවට බලය ලබා ගැනීම වෙනුවෙන් ප්‍රශ්න හදපු නිසා තමයි බොහෝම ආඩම්බරයෙන් කියන්නේ අවුරුදු 75 ක් වෙච්ච දෙයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ එක්වෙමු වෙනසකට සැරසෙමු යන තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැකිරාව ආසන අපේක්ෂක මහත්ම මහත්මීන් සමඟ පැවති සාකච්ජාවකදීය.මෙම සාකච්ජාව කැකිරාව නගරයේ උත්සව ශාලාවකදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැකිරාව ආසන සංවිධායක ධනුෂ් දිසානායක මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

එහිදී පක්ෂ ප්‍රථිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.පක්ෂයට නව සාමාජිකයින් බඳවා ගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් අපේක්ෂකවරුන්ට හදුන්වා දීමද එහිදී සිදු කෙරිණි.එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායක තිස්ස කරල්ලියද්ද මහතාද අදහස් දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් අනුව පක්ෂයේ ප්‍රථිසංවිධාන වැඩකටයුතු මේ වන විට ආරම්භ වෙලා තියෙනවා.මේ වැඩසටහන මේ වන විට ලංකාව පුරාම, සෑම දිස්ත්‍රික්කයකම, සෑම ආසනයකම ක්‍රියාත්මක වෙනවා.2024 වර්ෂය මැතිවරණ වර්ෂයක්, ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය වෙන්න පුලුවන්, පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය තියන්න තිබුණු කාළයන් දැන් කල් ගිහින් තියෙන්නේ, මේ දෙකම ඔ්නෑම මොහොතක තියන්න පුලුවන් මැතිවරණ දෙකක්.ඒ වගේම ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ලබන අවුරුද්දේ අවසන් වෙන්න කලින් නීත්‍යාණූකූලවම තියන්න වෙන මැතිවරණයක්.ඒක කල් දාන්න පුලුවන් මැතිවරණයක් නමෛයි.ඊළඟට පාර්ලිමේන්තුවත් අවුරුදු 04 ක් ගියාට පස්සේ ඔ්නෑම මොහොතක විසුරුවන්න පුලුවන්කම තියෙනවා.

දැන් මේ රටේ සමහරු ඉල්ලන්නේ මැතිවරණනේ, සමහර පක්ෂ දිගින් දිගටම මැතිවරණ ඉල්ලනවා.හැබැයි ඒ අය මැතිවරණ දිගින් දිගටම ඉල්ලන්නේ ඇයි, ඒ ගොල්ල දන්නවා අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන තමන්ගේ ඡන්ද ගොඩ කීයක් හරි වැඩි කරගන්න මුවාවෙන් තමයි ඒ අය මැතිවරණ ඉල්ලන්නේ.හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි පහුගිය වකවානුව තුළ මැතිවරණ තියනවාට අපි කැමතිත් වුණා, අකමැතිත් වුණා.අපි කැමතියි ප්‍රජාත්‍රන්තවාදී මැතිවරණයක් තියෙනවාට, ඒ වගේම තමයි රටේ ආර්ථික අර්බුධයක් තියෙන කොට ඉස්සරලාම අපි කරන්න ඔ්න මැතිවරණ පවත්වන එක නෙමෙයි, මේ රටේ ජනතාවට හුස්ම ගන්න ඉඩ දෙන එක තමයි අපි කරන්න ඔ්නකම තියෙන්නේ.ඒ නිසා අපි මැතිවරණ ඉල්ලන ගමන්ම, හැබැයි මැතිවරණයට ප්‍රථම මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ඔ්න කියන පණිවිඩයත් අපි රට තුළ ගෙන ආවා.

දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අතිදැවැන්ත ඉතිහාසයක් තියෙනවා.අපිට තේරෙන, අපිට මතක ඉතිහාසය ගත්තොත් 1994 ඉඳන්ම ආණ්ඩු කරලා තියෙන්නේ අපි.එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපිට වගකීමක් තියෙනවා, රට වැටෙන්නේ කොතනද ඒ වැටෙන කොට හිනා වෙන එක, අත්පුඩි ගහන එක නෙමෙයි, ඒ වැටෙන එකෙන් ගලවා ගන්න උත්සහ කරන එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම වෙන්නේ.හැබැයි සමහර වෙලාවට කවදාවත් බලය ගත්තේ නැති පක්ෂ, බලය ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න පක්ෂ වලට හිතෙන්න පුලුවන් රට වැටිච්ච වෙලාව තමයි හොඳම වෙලාව බලය ගන්න කියලා.අර අපි කියන්නේ තැටිය රත් වෙච්ච වෙලාවේ තමයි රොටිය පුච්ච ගන්න ඔ්න කියලා.එහෙම උත්සහ කරන දේශපාලන පක්ෂත් තියෙනවා.හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ එහෙම දේශපාලන පක්ෂයක් නෙමෙයි,‌ මේ රටේ ජනතා ජයග්‍රහණ ලබා දුන්න පක්ෂයක් විදිහට අපිට වගකීමක් තියෙනවා රට අසීරුතාවයකට පත් වෙනවා නම්, රට වැටෙන්න යන වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවේ දේශපාලන වාසිය ගන්නේ කොහොමද කියන එක නෙමෙයි, රට කොහොමද ස්ථාවර කරන්නේ කියන කාරණාවේදී අපි නායකත්වය ගන්න ඔ්න පක්ෂයක්.

දැන් ප්‍රශ්න ටිකක් ඉවරවේගන යනවා, අපි දැක්කා තෙල් පෝලිම් තිබ්බා, ගෑස් පෝලිම් තිබ්බා නොයෙකුත් පෝලිම් තිබ්බා, දැන් පෝලිම් අඩු වුණා කියලා ප්‍රශ්න අඩු වෙලා නෑ, හැබැයි එකම දේ පෝලිම නැති වෙලා තියෙනවා.ඒකත් ලොකු දෙයක්නේ.ඒ දවස් වල පැය 8-10 ක් ලයිට් නැතිව ඉන්න වුණා.තෙල් ටික ගහගන්න දවස් ගාණත් පෝලිමේ ඉන්න වුණා.මෙහෙ නම් දර ටිකක් හරි හොයාගෙන උයාගන්න පුලුවන්, කොළඹ මහල් නිවාස වල ඉන්න පවුල් පෝලිම් වල හිටියා ගෑස් ගන්න, ඒ තිබුණ දැඩි අමාරුකමෙන් අපි පොඩ්ඩක් ලිහිල් වෙලා තියෙනවා.හැබැයි ප්‍රශ්න 100% ක් ඉවර වෙලා නෑ,එක ප්‍රශ්නයක් යන කොට තව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.1994 ඉඳන් වැඩිම කාළයක් ආණ්ඩු කලේ අපි, එහෙම නම් මේ රට මේ ආර්ථික වශයෙන් හිර වෙලා තියෙන එකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මමත්, ඔබත් වගකියන්න ඔ්න. 100% ක්ම නෙමෙයි යම් තරමකට හරි වගකියන්න ඔ්නකම තියෙනවා.

දැන් අපි මහින්ද මහත්තයාට බනිනවා, වරයාවල් හැදුවා, ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රීඩාංගන හැදුවා කියනවා, දේශණශාලා හැදුවා කියලා දැන් බනිනවා හැබැයි එදා කොහොමද කිව්වේ එදා බොහෝම ආඩම්බරයෙන් කථා කලා අපේ ආණ්ඩුව කාලේ තවත් වරායක් හැදුවා, ක්‍රීඩාංගනයක් හැදුවා, තව තව සංවර්ධනයන් කළා කියලා කිව්වා.අපේ ගම් වලටත් මහින්ද මහත්තයා හරහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පුරුදු කලේ පුලුවන් තරම් කොන්ක්‍රීට් දාන්න, බොරළු දාන්න අපි පුරුදු කලා,අපි උසිගැන්නුවා.ගම්මු විදිහට තමන්ගේ ගමේ පාර හදා ගන්න ඉල්ලුවා.අපි හැමෝම මේ වරද කළා.හැබැයි අපි හිතුවේ නෑ, මේ සල්ලි කොහෙන්ද කියලා.අපි රට ඇතුළේ රුපියලක්වත් නිර්මාණය කර ගන්නේ නැතිව රටේ ආධායම සතයක්වත් වැඩි කර ගන්නේ නැතිව අපි පුලුවන් තරම් සංවර්ධනය තමයි කරන්න හැදුවේ.ඒ වගේම තමයි 1994 ඉඳන් දෙනවා සමෘද්ධිය තාමත් සමෘද්ධියෙන් නැගිට්ට කෙනෙක් ඉන්නවාද? ත්‍රීවිල් එකක් තියෙනවා, ට්‍රැක්ටරයක් තියෙනවා, තමන්ගේ නමට ගන්නේ නෑ, වෙන කෙනෙක්ගේ නමට ගන්නවා අර සමෘද්ධියේ 1500 හෝ 2000 කැපෙයි කියලා.බැරි වෙලා හරි සමෘද්ධිය කැපුණොත් අපේ මන්ත්‍රීවරු, අපේක්ෂකයෝ ඇවිත් කියනවා සර් බලන්න මගේ කොට්ඨාශයේ 05 දෙනෙක්ගේ සමෘද්ධිය කපලා කොහොමද සර් අපි දේශපාලනය කරන්නේ, මේ අයගේ ගෙවල් වල තමයි අපි රැස්වීම් කරන්‌නේ.මෙයා තමයි කෑම ටික දුන්‌නේ, ඒ නිසා මේ සමෘද්ධිය කපන්න දෙන්න බෑ මේක දාලා දෙන්න කියනවා, අපිත් ප්‍රාදේශීය ලේකම්ට, සමෘද්ධි නිළධාරීට කථා කරලා එහෙම කපන්න දෙන්න බෑ මේක, මේක දාන්න කියලා කියනවා.අපිත් මේ වරදේ කොටස්කාරයෝ කියන්නේ මෙන්න මේ නිසයි.සමහරු මේක දැනගෙන කොටස්කාරයෝ වුණා, සමහරු නොදැන කොටස්කාරයෝ වුණා.දැනගත්තත්, නොදැනගත්තත් අද අපි හැමෝටම මේවාට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.අපි සමෘද්ධියෙන් දුප්පත්කම තනැති කරන්න හැදුවේ නෑ.අපි සමෘද්ධියෙන් දේශපාලනය කලේ, හැබැයි සමෘද්ධිය හරි ව්‍යාපෘතියක් විදිහට ආවා නම්, සමෘද්ධිය අවුරුදු 05 යි දෙන්නේ, ඒ මිනිස්සුන්ට හරියන ගානක් දීලා, අවුරුදු 05 ක් ඇතුළත ගොඩ පලයන් එහෙම නැත්නම් සමෘද්ධිය කපනවා කියලා කිව්වා නම් මේ රටේ දුප්පතුන් නෑ,එහෙනම් මේ රටේ හැමෝම නැගිටිනවා,අර 1500 -2000 ගන්න හිඟන්නෙක් වගේ පෙනී ඉන්නවා ගමේ.

ලයිට් බිල දවසින් දවස වැඩි වෙනවා, තෙල් මිළ වැඩි වෙනවා, වතුර බිල වැඩි වෙනවා, ලයිට් බිල වැඩි වුණ ගමන් පාන් ගෙඩියේ ඉඳන් මිළ වැඩිවෙනවා.බඩු මිළ වැඩි වෙලා තියෙනවා, මේ හැමදේම සිද්ධ වෙලා තියෙනවා.ඒ විතරක් නෙමෙයි, අපේ රටේ පාඩු ලබන ආයතන කීයක් තියෙනවාද? ඒ හැම එකම අපි වහන්න දෙන්නෙත් නෑ, ඒ සේවකයොන්ට ආණ්ඩුව පාඩු ලබාගෙන පඩි ගෙවනවා, ශ්‍රී ලංකන් ගුවන් සමාගම බිලියන ගණනක් ණයයි කියනවා, අපි ගිහින්ද, ඔබතුමන්ලා ගිහින්ද? ප්ලේන් එකක් දැකපු නැති මිනිස්සුත් කෝටි ගණනක් ණය ගෙවනවා මේ ආයතන වල ඉන්න අයට පඩි ගෙවන්න, මේ ආයතන නඩත්තු කරන්න.මේවා එළිවෙලා ඉවරයි.දැන් අපි තීන්දුවක් ගන්න ඔ්න, මේ රට දියුණු කරනවා නම් කොහොමද අපි දියුණු කරන්නේ කියලා තීන්දුව අපි ගන්න ඔ්නකම තියෙනවා.අපි හැමදාමත් හණ-මිටි අදහස් වල ඉඳලා හරියන්නේ නෑ.

අපි දන්නවා ලයිට් බිල දැන් වැඩියි, හැබැයි විදුලි බල මණ්ඩලය පාඩු ලබන කොට ඒ පාඩුවත් ආයේ අයකර ගත්තේ අපේ සීනී කිලෝ එකෙන්, පරිප්පු කිලෝ එකෙන් තමයි.හැබැයි දැන් විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ නැතිව විදුලිය නිෂ්පාදනය කරන්න යන මුදලට සරිලන මුදලක් දැන් පාවිච්චි කරන අයගෙන් ගන්නවා.මේක එක පාරම වැඩි වෙච්ච නිසා අපිට අමාරුයි.හැබැයි වෙන්න ඔ්න ඒක නේද?අපි හිතමු ඔබතුමන්ලා බ්ලොක් ගල් හදන යන්ත්‍රයක් ගෙනත්, බ්ලොක් ගල් නිෂ්පාදනය කරනවා කියලා.ඔබතුමන්ලාට යන වියදමට රුපියලක් දෙකක් එකතු කරලා ගල් වික්කොත් නේද ව්‍යාපාරය දියුණු වෙන්නේ.ගල් වල ගාන වැඩියි කියලා අඩුවට දුන්නොත් එහෙම.ගල් ගහන්න පුලුවන්ද? ඒ වගේම තමයි මේ විදුලි බල මණ්ඩලය, ජල සම්පාද මණ්ඩලය කියන්නෙත්.අපි හැමදාම කලේ ආණ්ඩුව පාඩු ලබාගෙන ජනතාවට සහන දුන්නා මැතිවරණයක් වෙනුවෙන් වෙන්න පුලුවන්, ඡන්ද ටික වෙනුවෙන් වෙන්න පුලුවන්.හැබැයි අවසානයේදී අපි බෙල්ල මුලටම හිර වෙලා තියෙනවා.

විදුලි බිල වැඩි නම් දැන් විදුලි බල අමාත්‍යංශය ලෑස්ති වෙන්න ඔ්න මම කලින් හිටිය පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය යටතේ ඇති ව්‍යාපෘති වැඩියෙන් මේ රට තුළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා.සුළං බලයෙන්, සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කලොත් තමයි අපිට විදුලි බිල අඩු කරන්න වෙන්නේ, එහෙම නැතිව පාරේ බෝඩ් අල්ලන් හිටියට විදුලි බිල අඩුවෙන්නේ නෑ.අපි අපේ ඔලුව වෙනස් කර ගන්න ඔ්නකම තියෙනවා.පුනර්ජනනීය බලශක්තිය අපි මේ රටට එකතු කරන්න හදනකොට පනත වෙනස් නොකර අපිට කරන්න බැරි වුණා.මම ඇමතිකාලේ තමයි පනත වෙනස් කලේ, හැබැයි පනත පාර්ලිමේන්තුවට එන කොට මම විපක්ෂයේ, අපේ සහෝදර පක්ෂ වල කට්ටිය මගෙන් අහනවා දැන් මේකට පක්ෂ වෙනවාද? විපක්ෂ වෙනවාද? කියලා. මාර වැඩක්නේ, මම ආණ්ඩු පක්ෂයේ ඉද්දී ගෙන ආව පනත, මම විපක්ෂයට ආවා කියලා මට විරුද්ධ වෙන්න පුලුවන්ද? එහෙම විරුද්ධ වුණ නිසා නේද අපේ රටට මේ වගේ තත්වයක් උදා වෙලා තියෙන්නේ.හැමදාම ආණ්ඩුව මොන හොඳ දේ ගෙන ආවත්, විපක්ෂය විරුද්ධ වෙනවා.ඒක අපිත් කරලා තියෙනවා, අපේ ආණ්ඩු කාළයේ යූ.එන්.පී එකත් කරලා තියෙනවා, යූ.එන්.පී ආණ්ඩු කාලේ අපි කරලා තියෙනවා.තට්ටු මාරු ක්‍රමයට හැමදාමත් බලය ලබා ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ මේ රටේ ප්‍රශ්න හදලා තියෙනවා.ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර වෙනුවට බලය ලබා ගැනීම වෙනුවෙන් ප්‍රශ්න හදපු නිසා තමයි අපි බොහෝම ආඩම්බරයෙන් කියන්නේ අවුරුදු 75 ක් වෙච්ච දෙයක් නෑ කියලා.ඒකට හේතුව තමයි අපි හරි දේ හරියි කියලා හිතන්නේ නැතිව අපි හැමදාමත් බලය වෙනුවෙන් වැඩ කරපු නිසා.

මේ වෙලාවේ අපි කරන්න ඔ්න ප්‍රධානම දේ රට ගොඩගන්න එකට අපි උත්තර හොයන්න ඔ්න.අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඔ්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදයන් දෙක්ක තිබුණා, එකක් තමයි මම ඉන්න මතවාදය, රටේ ප්‍රශ්න උත්තර හොයන්න අපි මැදිහත් වෙන්න ඔ්නකම තියෙනවා.රටේ වැරදි වැඩ කරන්න නෙමෙයි, ආණ්ඩුවට මුක්කු ගහන්න නෙමෙයි, රනිල් වික්‍රමසිංහට මුක්කු ගහන්න නෙමෙයි, හැබැයි මේ රටේ තියෙන ආණ්ඩුවට අපි මේ වෙලාවේ ජනතාවගේ පැත්තේ ඉඳලා, ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න අපි දායක වෙන්න ඔ්නකම තියෙනවා.අපිට අයිතියක් නෑ විපක්ෂයට ගිහින් හැමදේටම විරුද්ධ වෙවී කෑ ගහන්න.මොකද මේ රට මේ තත්වයට ගේනන අපිත් වගකියන්න ඔ්නකම තියෙනවා.ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා නිහතමානී විදිහට වැරැද්ද පිළිඅරගෙන අපි හරි තැනේදී අපේ හයියත් ජනතාවට ලබා දීලා ප්‍රශ්න වලට උත්තර හොයන්න අපිට වගකීමක් තියෙනවා.අපිට බෑ ජනතා විමුක්ති පෙරමුණ වගේ හැමදේටම විරුද්ධ වෙවී ඉන්න, අපිට බෑ සමඟි ජන බලවේගය වගේ හැමදේටම විරුද්ධ වෙවී ඉන්න.මොකද කොටස්කාරයෝ විදිහට අපිම එකතු වෙලා මේක නිවැරදි කරන්නත් ඔ්න. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක මතයකට ආවේ.ඒ මතය තමයි ජනතාව වෙනුවෙන් අපි හරි තැන හිටගන්න ඔ්න.ජනතාව වෙනුවෙන් හරි තැන හිටගන්න ඔ්න කියලා කියන්නේ ලයිට් බිල වැඩි වෙන කොට බෝඩ් එකක් අල්ලාගෙන කෑගහන එක නෙමෙයි, ලයිට් බිල අඩු කරන්න ක්‍රමවේදයක් යෝජනා කරන්න.ලයිට් බිල අඩු කරන්න ව්‍යාපෘතියක් ගේන්න, ලයිට් බිල අඩු කරන්න ක්‍රමවේදයක් හදන්න මේ රටේ ජනතාව දැනුම්වත් කරන එක තමයි අපි කරන්න ඔ්නකම තියෙන්නේ.

මම පුනර්ජනනීය බලශක්ති ඇමති කාලේ, මන්නාරමේ සුළං බලාගාරයක් හැදුවා, තවත් බලාගාරයක් හදන්න යද්දී ඔන්න කට්ටිය කෑ ගහනවා මෙන්න මේක අහවලාට දෙනවා, මේකේ අත-යට ගණුදෙනුවක් කරනවා , මෙන්න මේක අහවල් රටට දෙනවා, ලයිට් බිල අඩු කරන්නත් ඔ්න, හැබැයි ව්‍යාපෘතියක් එන කොට ඒකට විරුද්ධ වෙනවා, අපේ රටේ හැමවෙලේම තියෙන්නේ පක්ෂ වෙනවාට වඩා, දන්න දේටයි, නොදන්න දේටයි, හැමදේටම විරුද්ධ වෙන එක, දැන් දොස්තර මහත්වරු රට යනවා කියලා කියනවා, මේ රටේ දොස්තරලා හදන්න පුද්ගලික විශ්ව විද්‍යාලයක් එන කොට ඒකටත් විරුද්ධයි, දොස්තරලත් විරුද්ධයි, ළමයිනුත් විරුද්ධයි.ඉන්න ටික රට යනකොට දැන් කියනවා දොස්තරලා නෑ, මාර වැඩිනේ කියලා.මේවාට තමයි සැලසුම් අපි හදන්න ඔ්න.අවුරුද්දකට ගුරුවරු 1000 ක් 2000 ක් විශ්‍රාම යන කොට අවුරුද්දකට ගුරුවරු 1000-2000 ක් හැදුවේ නැත්නම් මොකක්ද වෙන්නේ? අඩු වෙනවා තමයි.ඒවාට ක්‍රමවේද හදන්න ඔ්න.ඒ නිසා තමයි අරගලයට මම කැමති.අරගලයෙන් කිව්‌වේ අපිට සිස්ටම් එකක් හදමු කියලා.තියෙන සිස්ටම් චේන්ජ් කරලා වැරදි නිවැරදි කර ගමු කියලා.ඒදේ කරන්න අපිට පුලුවන්ද පක්ෂ පාඨ වලට බෙදිලා පැත්තකට වෙලා හිටියොත් ඒ දේවල් කරන්න පුලුවන්ද? ඒ නිසා තමයි ජනතාවගේ පැත්‌තේ හිටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි තැනේදී, හරි වැඩේට උදව් කරන්න ඔ්න, කර අරින එක නෙමෙයි අපේ මේ වෙලාවේ වගකීම.

දේශපාලන පක්ෂ වලින් ශක්තිමත්ම පක්ෂය විදිහට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ඒ පක්ෂය කඩාගෙන තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ගියේ.අපි 2015 දී යහපාලන ආණ්ඩුව හැදුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි එකට එකතු වෙලා රට හදන්න, එක පක්ෂයක් බලයට පත් වුණාම විපක්ෂයට ගිහින් හැමදාමත් විවේචනය කර කර ඉන්නේ නැතිව ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණේ ඒ අරමුණෙන්.ඒක හොඳට හෝ නරකට යම් තරමක් දුරක් ගියා, හැබැයි 100% ක් ඒකේ ප්‍රථිපල ගන්න බැරි වුණා, හැබැයි ඒ වෙලාවේදීත් ප්‍රථිපලයක් ගන්න බැරි වෙන්න හේතුව මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා අපි කොහොමද රනිල් එක්ක ආණ්ඩු කරන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද යූ.එන්.පී එකත් එක්ක ආණ්ඩු කරන්නේ, එහෙම ඉන්නවා නම් අපිට බෑ කියලා කිව්වා, එයා ඊට කලින් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගිවිසුම් ගැහුවා කියලත් අමතක වුණා.ඒවා අපේ මිනිස්සුන්ටත් අමතකයිනේ, අපේ කට්ටියත් බැලුවා කොහොමද රනිල් එක්ක ගිහින් ආණ්ඩු කරන්නේ කියලා මහින්ද මහත්තයාගේ මතයත් එක්ක ගිහින් පොහොට්ටුව හැදුවා.දැන් පොහොට්ටුවට මොකද වුණේ? එදා රනිල්ට විරුද්ධ වෙලා පොහොට්ටුව හදපු මහින්ද මහත්තයාට පොහොට්ටුව රැක ගන්න රනිල්ව ජනාධිපති කරන්න වුණා.දෛවයේ සරදමක් වගේ, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිහින් පොහොට්ටුව හදලා, රනිල් එක්ක බෑ කියලා, අද පොහොට්ටුව නැති වෙන කොට රනිල්ව දැන් ජනාධිපති කරන්න වුණා.එහෙම නම් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයක් තමයි පොහොට්ටුවේ ඉන්නේ.පොහොට්ටුවේ කියලා අලුතෙන් ඉපදුනේ නෑනේ.සේරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ ටික ඉන්නේ.දැන් ඒ අයට පොහොට්ටුවේ ඉන්න බෑ.දැන් එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහගෙදර තමයි ඒ අයට යන්න තියෙන එකම තැන, අද පාර්ලිමේන්තුව ඇතුලේ පොහොට්ටුවේ ඉන්න අතිබහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පාර්ලිමේන්තු මැතිවරණයක් එද්දී බලන්න එය තරඟ කරන්නේ මොන පැත්තෙන්ද කියලා.දැන්ම ඔබතුමන්ලාට දැන්ම අපි කියන්නේ නෑ.සමහර දේවල් එළියේ තාම කියන්න බෑ, එහෙම කිව්වොත් පාඩුයි.පාර්ලිමේන්තුවෙත් මහා පරිවර්ථනයක් වෙනවා.අපි නම් ගම් කියන්නේ නෑ, ඉලක්කම් කියන්නේ නෑ, අවශ්‍යය වෙලාවට ඒ දේ පෙන්වනවා.පාර්ලිමේන්තුව ඇතුලේ ඒ දේ වෙන කොට ඔබතුමන්ලා ගමෙත් ඒ වැඩේ පටන් අරගන්න, ප්‍රථිසංවිධානයේ සුභවාදී ලකුණ අපේ මහගෙදරට එන්න විශාල පිරිසක් ගමේ බලාගෙන ඉන්නවා.දැන් අපිට තියෙන්‌නේ .ඒ අයට ආරාධනා කරලා නැවත වතාවක් මහ ගෙදරත් එක්ක ශක්තිමත් වෙලා, මහගෙදරත් ශක්තිමත් කරන එකයි කරන්න තියෙන්නේ.යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 20
Previous Post

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල්ට අපහාස කල වෙබ් අඩවියකට වාරණ නියෝගයක්

Next Post

ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ – රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

editor

editor

Next Post

ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ - රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved