• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදෙස්ගත වීම ළමා සංවර්ධනයට අහිතකරයි

11 July 2022
in දේශීය

අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන්ට ගෘහසේවය සඳහා විදෙස්ගත වීමට අවසර ලබාදීම ළමා සංවර්ධනයට අහිතකර බලපෑමක් ඇතිකර බව ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසයි.

ගෘහසේවය (නුපුහුණු ශ්‍රමය) සඳහා කාන්තාවන් විදෙස්ගත වීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පරීක්ෂණයක් සිදු කර පවුල් පසුබිම් වාර්තාවක් ලබා දෙන අතර ඔවුන්ට විදෙස්ගත වීමට අවසර ලබා දීම සිදුවූයේ ඒ වාර්තාව පදනම් කරගනිමිනි.

අවුරුදු 05ට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදෙස්ගතවීමට අවස්ථාවක් ලබා නොදුන් අතර අවුරුදු 05ට වැඩි දරුවන් සිටින්නේ නම් එම දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව, අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී පරීක්ෂා කර බැලුණි.

නමුත් ගෘහසේවය සඳහා විදේශගත වන මව්වරුන්ගේ දරුවන්ගේ අවම වයස අවුරුදු 02 දක්වා අඩු කිරීම‍ට හා එතෙක් අත්‍යාවශ්‍යව පැවති පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම තවදුරටත් අනිවාර්ය නොකිරීමටත් පසුගිය ජූනි 27 දින රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය වී තිබේ.

මේ පිළිබඳව පසුගියදා පැවති ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව පැවති රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබේ.

ඒ අනුව, වයස අවුරුදු 05ට අඩු දරුවන් සිටින ශ්‍රී ලාංකික මව්වරුන්ට ගෘහසේවය සඳහා විදේශගත වීමට අවස්ථාව ලබාදීමටත් එසේ විදෙස් ගත වන මව්වරුන් විසින් ඉදිරිපත් කළයුතුව තිබූ පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නොකිරීමටත් ගෙන ඇති කැබිනට් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස විදේශ රැකියා සහ කම්කරු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ඉහත කාරක සභාවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී(වෛද්‍ය)ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටී.

සභාපතිවරිය තවදුරටත් සඳහන් කළේ මෙම තීරණය හේතුවෙන් දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයේ ප්‍රධානතම භූමිකාව සිය මව වන බැවින් පළමු වසර 05 තුළ දරුවන්ගේ ප්‍රශස්ත කායික හා මානසික සංවර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන බවයි.

Post Views: 5
Previous Post

ජනපති ගෝඨාභය අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දීලා

Next Post

ජනාධිපතිගේ පණිවිඩ කථානායකවරයා පමණයි

editor

editor

Next Post

ජනාධිපතිගේ පණිවිඩ කථානායකවරයා පමණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved