• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් තුර්කියේ විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

20 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සහභාගී වන අතරතුර දී තුර්කියේ විදේශ අමාත්‍ය මැව්ලුත් චවුෂෝලෝ 17 වනදා නිව්යෝර්ක්හි තුර්කි නිත්‍ය දූත මණ්ඩලයේ චාන්සරි ගොඩනැගිල්ල වන තුර්කි මන්දිරයේ දී දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පිළිගත්තේ ය.

කොවිඩ්-19 වසංගතය අතරතුර දී වෙන්ටිලේටර් සහ අනෙකුත් උපකරණ සැපයීමේ දී තුර්කියෙන් ශ්‍රී ලංකාවට නොමසුරු ආධාර ලබා දුන් බව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා, සුනාමි ව්‍යසනයෙන් පසු නිවාස ලබා දීම සඳහා තුර්කිය ලබා දුන් සහයෝගය ද අගය කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇ.ඩො. මිලියන 100 සිට ක්‍රමයෙන් ඉහළ ගොස් වසර තුළ දී ඇ.ඩො. මිලියන 200 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර තිබීම අමාත්‍යවරු අගය කළහ.

තුර්කිය වෙත සිදු කෙරෙන, දැනට 80% ක් තේවලින් සමන්විත අපනයනය විවිධාංගීකරණය කළ යුතු බවත්, තුර්කිය ප්‍රවීණතාවක් දරන ඉදිකිරීම් සහ ඖෂධ කර්මාන්තය වැනි වර්‍ධනය වන ක්ෂේත්‍රවල ආර්ථික වෙළෙඳ කටයුතු සහ ආයෝජනය ඉහළ නැංවීම සඳහා දෙරට අතර අතිවිශාල අවස්ථාවක් පවතින බවත් අවධාරණය කළ විදේශ අමාත්‍ය පීරිස් මහතා, දේශීය වෙළෙඳපොළ සඳහා සහ ඉන් ඔබ්බට ඖෂධ නිෂ්පාදනය සඳහා නිශ්චිත ආර්ථික නිදහස් කලාප ඇති කරමින් මෙම ක්ෂේත්‍රය දියුණු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන් කළේය. තුර්කි ඉදිකිරීම් අංශය ලොව දෙවැනි විශාලතම අංශය බවත් ඔවුන්ට තම කලාපයේ පමණක් නොව ගෝලීය වශයෙන්ද ව්‍යාපෘති ගණනාවක් ඇති බවත් තුර්කි විදේශ අමාත්‍යාවරයා අවධාරණය කළේ ය. දෙරට අතර ඒකාබද්ධ ව්‍යාපෘති, ආයෝජන සහ මුලපිරීම් සඳහා අවස්ථා සැපයීමට හැකි වන පරිදි, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ආයෝජන ප්‍රවර්ධනය සහ ආරක්‍ෂාව පිළිබඳ වැදගත් ගිවිසුම්වලට එළඹීම පිළිබඳව අමාත්‍යවරු දෙදෙනා උනන්දුවක් දැක්වූහ. වැදගත් ගෝලීය ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස එරටේ කාර්යභාරය ඉහළ නැංවීම පිණිස තුර්කියේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපල වැනි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලික අංශයේ සිට රාජ්‍ය අංශය දක්වා ව්‍යාපෘති සාර්ථක කර ගැනීම පිළිබඳ අත්දැකීම් තුර්කියේ විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

අන්කාරා සහ කොළඹ අතර ගුවන් සම්බන්ධතා සහ සබඳතා හා බැඳීම් නව මට්ටම් කරා ඉහළ නැංවිය හැකි කලාපීය කේත හුවමාරු ගුවන් ගමන් පිළිබඳ ගවේෂණය කිරීමේ හැකියාවන් සහ ඒ ඒ වාණිජ මණ්ඩල හා ව්‍යාපාරික අංශ අතර හුවමාරුව ඇතුළුව අන්තර් පුද්ගල සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව ද ඇමැතිවරු දෙදෙනා සාකච්ඡා කළහ. කටයුතු අවසන් වූ හා ක්‍රියාත්මක කිරීමේ අවසන් අදියරේ පැවති ගිවිසුම් කඩිනම් කිරීම සඳහා දෙපාර්ශ්වයම භාර ගත්තේය.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේදී තුර්කි ජාතිකයින් දෙදෙනෙකු මිය යාම පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සිය කණගාටුව පළ කළ අතර, අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ අය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාදාමයන් පිළිබඳව යාවත්කාලීන ලබා දුන්නේය. සියලුම ආකාරයේ ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටීමේ අවශ්‍යතාවයත්, අන්තවාදයන්ගේ නැඟී සිටීම ඊට ඇති සබඳතාවයත් සාකච්ඡා කළ අමාත්‍යවරුන් දෙදෙනා, මානව හිමිකම් දේශපාලනීකරණයට හා සමහර පාර්ශ්වයන් විසින් තෝරාගත් මානව හිමිකම් මෙවලම් ලෙස යොදා ගැනීමට එරෙහිව අදහස් දැක්වූ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංසදවල දී ජාත්‍යන්තර සහයෝගිතාව පුළුල් කිරීම සඳහා ප්‍රතිඥා දුන්හ.

තමා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ් වසංගතය හේතුවෙන් එම සංචාරය කල් දැමීමට සිදු වූ බව විදේශ අමාත්‍ය චවුෂෝලෝ මැතිතුමා සඳහන් කළේය. නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස විදේශ අමාත්‍ය පීරිස් මහතා තුර්කි විදේශ අමාත්‍යවරයාට ආරාධනාවක් කළේය.

අමාත්‍යවරුන් දෙදෙනා දෙරට අතර සුහද හා සමීප සබඳතා පුළුල් කර ගැනීමට අදහස් කළ අතර, කොවිඩ් වසංගතයෙන් පසුව තවදුරටත් අන්තර් ක්‍රියාකාරකම් ආරම්භ කළ හැකි බවට අපේක්ෂාව පළ කළහ.

 

Post Views: 2
Previous Post

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ශ්‍රී ලංකාවට ධනාත්මකව ලබා දෙනවා – මහලේකම් කියයි

Next Post

ලොහාන් රත්වත්තගේ ක්‍රියා කලාපය පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක අවශ්‍යයි – මාර්තු 12 ව්‍යාපාරය

editor

editor

Next Post

ලොහාන් රත්වත්තගේ ක්‍රියා කලාපය පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක අවශ්‍යයි - මාර්තු 12 ව්‍යාපාරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved