2026 වසරේ මුල් මාස දෙක තුළ විදේශ රැකියා නියුක්තිකයන් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය, 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 32ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව, මෙම වසරේ මුල් මාස දෙකේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,480.1 ක (ඩොලර් බිලියන 1.4 කට අධික) මුදලක් විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ඇත. 2025 වසරේ මුල් මාස දෙකේදී එම අගය සටහන් වූයේ ඩොලර් මිලියන 1,121 ක් වශයෙනි.
විශේෂයෙන්ම 2026 පෙබරවාරි මාසය තුළ පමණක් ඩොලර් මිලියන 729ක මුදලක් මෙරටට ලැබී ඇති අතර, එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට වඩා ඩොලර් මිලියන 180ක පමණ වැඩිවීමකි. මේ අතර, මෙම වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලාංකිකයන් 47,819 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, මාර්තු මස මුල් දින නවය තුළ පමණක් තවත් 3,241 දෙනෙකු විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.














