• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අසත්‍ය ප්‍රචාර සමාජගත කරන්නන්ට එරෙහිව විධිමත් පරික්ෂණ – රජය

15 July 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සාවද්‍ය ප්‍රචාරයන් සමාජගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන මෙන් රජය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන රටතුළ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වීමත් සමගම එම වෛරසය රටතුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වන විට රජය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව, අදාළ පරීක්ෂණ කටයුතු සිදුකිරීම, ආසාදිතයින් හඳුනාගැනීම, ආශ්‍රිතයින් හඳුනා ගැනීම හා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම යන සියලු අදාළ ක්‍රියාමාර්ගයන් මේ හා සම්බන්ධිත ප්‍රදේශයන් හා ස්ථාන ආවරණය වන පරිදි ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කර ඇත.

මේ අයුරින්, අදාළ ස්පර්ශකයින් හඳුනාගෙන පරීක්ෂණ හා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන අවස්ථාවන්හිදී ඔවුන් නියත වශයෙන්ම කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුන්වමින් සාවද්‍ය ප්‍රචාරයන් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව පෙනී ගොස් ඇත. තවද, මෙම තත්ත්වය නිසා විවිධ ආයතන වසා දැමීමට කටයුතු කරන බව ඇතුලු විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරන ආකාරයද දැකිය හැකිය.

එමෙන්ම, මෙම තත්ත්වය මත රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත්කිරීමට හා ඇඳිරිනීතිය පැණවීමට කටයුතු කරන බවට වන විවිධ අසත්‍ය තොරතුරු ඇතැම් පාර්ශ්වයන් විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවද නිරීක්ෂණය වේ. නමුත්, මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය විසින් අවධාරණය කරයි.

ඒ අනුව, මෙවැනි සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමේ අරමුණ වන්නේ ජනතාව නොමග යවමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇතිකිරීම බවද පැහැදිළි වේ. මේ අයුරින් සාවද්‍ය ප්‍රචාරයන් සමාජගත කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන මෙන් රජය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

මෙහිදී, යම් පුද්ගලයකු කොවිඩ් 19 වෛරසය ආසාදිතයකු බවට තහවුරු වුවහොත් ඒ බව මෙන්ම මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා සමාජය දැනුවත් විය යුතු සියලු කරුණු පිළිබඳ නිල තොරතුරු ක්ෂණිකව මහජනතාව වෙත දැනුම් දීමට රජය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

එබැවින්,අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රචාරයන්ට නොරැවටී මෙම අවස්ථාවේ වඩාත් අවබෝධයෙන් කටයුතු කරන මෙන් හා විශේෂයෙන්ම සෞඛ්‍ය අංශවලින් දැනුවත් කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂණ උපක්‍රම දැඩිව අනුගමනය කරමින් ආරක්ෂිතව හා විචක්ෂණශීලීව කටයුතු කරන මෙන් රජය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Post Views: 1
Previous Post

ආයතනවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ප්‍රධානීන්ගේ වගකීමක් -ජනපති

Next Post

රියදුරු බලපත්‍රය සකස් කිරීම හමුදාවට පැවරෙයි

editor

editor

Next Post

රියදුරු බලපත්‍රය සකස් කිරීම හමුදාවට පැවරෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved