ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා 2012 සහ 2013 වර්ෂවලදී එයාර්බස් (Airbus) ගුවන් යානා දහයක් මිල දී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (මාර්තු 12) දින ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. අදාළ ගුවන් යානා ගනුදෙනුවේදී සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කාලයක් තිස්සේ විමර්ශන ක්‍රියාත්මක වූ අතර, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කෙරිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර, අදාළ ගනුදෙනුවට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව ද කරුණු අනාවරණය කර ගැනීමට නියමිතය.














