ඓතිහාසික පුරාවස්තු සොරකමක විමර්ශනයකට බාධා කරමින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා ලබා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
අද පෙරවරුවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කරන ලදී. කුණ්ඩසාලේ රජමාලිගා භූමියේ සඳකඩපහණ අතුරුදහන් වීමේ සිද්ධියට අදාළව මෙම නඩුව විභාග වෙමින් පවතී.














