වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත මාර්තු මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
මෙම සැකකරු අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තා එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.














