පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වීමත් සමඟ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින හිටපු මන්ත්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක්, තමන් මන්ත්‍රීවරුන් වීමට පෙර දැරූ රජයේ රැකියාවන්හි නැවත පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබේ. විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා සඳහන් කරන්නේ, අදාළ තනතුරු වැටුප් වර්ධක සහ උසස්වීම් ද සහිතව නැවත ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවයි.
මෙම පිරිස අතර බහුතරයක් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වන අතර, ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මුල් රැකියාවල නිරත වී එමගින් හෝ විශ්‍රාම වැටුපක් හිමිකර ගැනීමයි. මීට අමතරව, විශ්‍රාම වැටුප අහිමි වූ මන්ත්‍රීවරුන් පිරිසක් සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ‘මහපොළ’ ශිෂ්‍යාධාර ලබා දෙන ලෙස ද ඉල්ලීම් කර ඇත. මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට මීට පෙර එම ශිෂ්‍යාධාරය හිමි නොවූ අතර, පවතින තත්ත්වය හමුවේ ඇතැම් හිටපු මන්ත්‍රීවරුන්ට සිය ඖෂධ සහ මූලික අවශ්‍යතා සඳහා සහෝදර සහෝදරියන්ගෙන් පවා මුදල් ඉල්ලීමට සිදුව ඇති බව වාර්තා වේ.














