කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකු දූෂණ චෝදනා මත ඊයේ (24) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහා ලේකම් කාර්යාලය මගින් එක් දරුවෙකුට එක් වතාවක් පමණක් ලබාදෙන රුපියල් 10,000ක අධ්‍යාපන ආධාර මුදල, දරුවන් දෙදෙනෙකුගේ නමින් ලබාගෙන එම මුදල් අදාළ දරුවන්ට ලබා නොදී පෞද්ගලික පරිහරණයට යොදාගත් බවට මොහුට චෝදනා එල්ල වී ඇත.
මෙම වංචාව සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. රජය විසින් සහනාධාර ලෙස ලබාදෙන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව මෙහිදී අවධාරණය කෙරිණි.














