පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හතරවන ජාතික මහා සමුළුව පසුගියදා පැවැත්වුණු අතර, එහිදී තෝරා පත් කරගත් 21 දෙනෙකුගෙන් යුත් මධ්‍යම කාරක සභාවට හෝ දේශපාලන බලමණ්ඩලයට වසන්ත මුදලිගේ මහතා ඇතුළත් කර නොතිබීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ. පක්ෂයේ කැපී පෙනෙන ක්‍රියාකාරිකයෙකු වන ඔහුට මෙලෙස තනතුරක් නොලැබීම පක්ෂ අභ්‍යන්තරයේ “කැපිල්ලක්” ද යන්න පිළිබඳව විවිධ මතිමතාන්තර පළ වෙමින් පවතී.
කෙසේ වෙතත්, මේ පිළිබඳව අදහස් දක්වමින් වසන්ත මුදලිගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට පක්ෂයෙන් කිසිදු බාධාවක් නොමැති බවයි. දැනටමත් තමන් ‘ජන අරගල සන්ධානයේ’ ජාතික විධායක සභාවේ වගකීම් දරන බවත්, පක්ෂය විසින් තමන් වෙත පවරා ඇති වගකීම එය බවත් ඔහු පෙන්වා දෙයි. පසුගිය මැතිවරණ ඉලක්ක කරගනිමින් ගොඩනැඟූ මෙම සන්ධානය හරහා ජනතා ගැටලුවලට මැදිහත් වෙමින් තම දේශපාලන ක්‍රියාකාරකම් අඛණ්ඩව කරගෙන යන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නව පත්වීම් හරහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය ඉදිරි දේශපාලන ගමන්මග වෙනස් කිරීමට සූදානම් වන බව දේශපාලන විචාරකයෝ පවසති.














