රත්නපුර, එගොඩ මල්වල ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත ශ්‍රී සුමන සමන් දේව මන්දිරයට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය 2026 පෙබරවාරි මස 21 සහ 22 යන දෙදින තුළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම විශේෂ ආගමික වැඩසටහන ආරම්භ කරමින් පෙබරවාරි 21 වනදා සවස 7:00 සිට රාත්‍රී 12:00 දක්වා මහා භාණ්ඩ සල්පිලක් පැවැත්වීමට නියමිත අතර එදින රාත්‍රී 12:00 සිට පසුදා අලුයම දක්වා මහා පිරිත් දේශනාවක් පැවැත්වේ.
පෙබරවාරි 22 වන ඉරිදා දින උදෑසන සංඝගත දක්ෂිණාව පැවැත්වීමෙන් අනතුරුව පෙ.ව. 8:36 ට යෙදෙන සුබ මොහොතින් දේව මන්දිරයට මුල්ගල තැබීමේ කටයුතු සිදු කෙරෙනු ඇත.














